Last Updated on May 6, 2021 by Panduka Herath
රට පුරා සියළු බලපත්‍ර ලාභී මත්පැන් අලෙවිසල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරිමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කර තිබේ.කොවිඩ් පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙසයි කොමසාරිස්වරයා මෙම නියෝග පනවා ඇත්තේ.
ඒ අනුව මෙම මාර්ගෝපදේශ මාලාවට අනුව රට පුරා සියලු බලපත්‍ර ලත් ස්ථාන (වයින් ස්ටෝර්ස්) නියමිත වේලාවන්හි පමණක් විවෘත කළ යුතු වේ.එසේම විදේශ මත්පැන් තැබෑරුම් හා රා තැබෑරුම්,හෝටල් පීඨිකා බලපත්‍ර,සිනමා ශාලා බලපත්‍ර,ආපන ශාලා බලපත්‍ර හා සමාජ ශාලා බලපත්‍ර ලත් ස්ථාන නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක නොකළ යුතු බවද එහි සදහන් වේ.
නමුත් හෝටල් බලපත්‍ර නේවාසික සංචාරකයින්ගේ පහසුව සඳහා රාත්‍රී 10 දක්වා පමණක් ක්‍රියාත්මක කළ යුතු බවත් එහි දක්වා තිබේ.
තානායම් බලපත්‍රද රාත්‍රී 10 දක්වා පමණක් ක්‍රියාත්මක කළ යුතු බවත් එහි දක්වා ඇති අතර මෙම මාර්ගෝපදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශවලට සමගාමීව ක්‍රියාත්මක කළ යුතු බවත් සුරාබදු කොමසාරිස්වරයා අවධාරණය කර තිබේ.
More Stories
රනිල්ගේ නිසරූ උත්සහය ගැන NPP කියයි!
මෛත්‍රී,සජිත් අර්බුදයක! විපක්ෂ නායකකමත් නැති වෙන පාටක්!
ණය සහන දෙන්න G7 පෙරට එයි! ජපානයෙන් ඩොලර් මිලියන 1.5 ක්!