Last Updated on October 25, 2022 by Lankae Cast
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම පුදුමයට කරුණක් විය. එය සති දෙකකට පෙර පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට මුලින් නියමිතව තිබිණි. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය නුදුරු අනාගතයේ දී යළි ගෙන නොයනු ඇතැයි යන්න හෝ එසේ කළද, එය සම්මත නොවනු ඇතැයි යන්න පෙනෙන්නට තිබුණු තත්වය විය. ඒ සම්බන්ධයෙන් ආණ්‌ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අතර මතභේදාත්මක කරුණු දෙකක් විය. එම මතභේදය පක්ෂ අතර පමණක් නොව මන්ත්‍රීවරුන් තුළද පැවැතිණි. මතභේදයට තුඩු දුන් පළමු කාරණය වූයේ වසර දෙකහමාරකින් පසු ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයයි. කෙසේවෙතත් වසර දෙකහමාරක ප්‍රතිපාදනය රඳවා තබා ගැනීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පැහැදිලි දේශපාලන ජයග්‍රහණයකි.
20 වැනි සංශෝධනයේ සහ දැන් 22 වැනි සංශෝධනයේ තිබෙන්නේ ජනාධිපතිවරයාට වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවයි. මෙයට පෙර ගෙන ආ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය සීමා කරන ලද්දේ, වසර හතරහමාරකට පසුව පමණක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව තහවුරු කරමිනි. එහෙත් දැන් සංශෝධනයෙන් වසර දෙකහමාරක් ගතවීමෙන් පසු 22 වැනි සංශෝධනය මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති මෙම බලය ජනාධිපතිවරයාට හිමිවේ. මෙය පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඛාදනයක් ලෙස සැලකිය හැකිය. වසර පහකට ජනතාව වරමක් ලබාදුන් ජනාධිපතිවරයා විසින් මෙතරම් ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් නොවේ. 2004 දී, එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් අගමැති ධූර කාලය කෙටි කරද්දී, වත්මන් ජනාධිපති වික්‍රමසිංහම මෙම අත්තනෝමතික ජනාධිපති බල භාවිතයේ ගොදුරක් බවට පත්විය.
දෙවන විවාදාත්මක කාරණය වූයේ ද්විත්ව පුරවැසියන්ට මැතිවරණවලට තරඟ කිරීමට සහ පාර්ලිමේන්තුවට හා අනෙකුත් දේශපාලන නිලතලවලට තේරී පත්වීමට ඇති අයිතියයි. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙන්ම 19 වැනි සංශෝධනයෙන්ද විශේෂයෙන් ඉවත් කර තිබූ මැතිවරණවලට තරග කිරීමේ අයිතිය 20 වැනි සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට ලබා දී තිබිණි. ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ සිටින බව වාර්තා වන අතර, ඔවුන්ට අදාළ විදේශ රටවල පුරවැසිභාවය අත්හැරීම හෝ පාර්ලිමේන්තුවෙන් ඉවත් වීම අතර තේරීමක් කිරීමට සිදුවනු ඇත. පාලක පක්ෂයේ ජාතික සංවිධායක සහ එහි බල කේන්ද්‍රය වන බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසියෙකු ලෙස ප්‍රකට බැවින් මෙම සංශෝධනය ආණ්ඩු පක්ෂයට විශේෂ මරු පහරක් වනු ඇත. මෙම ද්විත්ව පුරවැසියන්ට ඉවත් වන ලෙස පාර්ලිමේන්තුවේ අභ්‍යන්තරයෙන් ඉල්ලීම් ඉදිරිපත්ව ඇති අතර, එසේ නොවන්නේ නම් අධිකරණය හමුවේ ප්‍රශ්නය විසඳා ගැනීමට සිදුවනු ඇත.
ගිනිකඳු ගැටළු
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඡන්ද 174 කින් සහ එක් විරුද්ධව භාවිත කළ ඡන්දයකින් පමණක් සම්මත වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ, රාජ්‍යයේ සංවරණ සහ තුලන ක්‍රමයේ සැලකිය යුතු ප්‍රතිව්‍යුහගත කිරීමක් වෙනුවෙන්, ඒකමතිකත්වයෙන් සිදු වූ ජයග්‍රහණයක් ලෙස සැළකිව හැකිය. එය, මේ වන විට කොටස් තුනකට හෝ වැඩි ගණනකට කැඩීගොස් ඇති ආණ්‌ඩු පක්‍ෂයේ, පැරණි ආරක්‍ෂකයන්ගේ සහ ප්‍රබලයන්ගේ ද පරාජයකි. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහ තම පක්ෂයේ ජාතික සංවිධායකවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට විරුද්ධ වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව, පාලක පක්ෂයේ මුළු මන්ත්‍රීවරුන් 134 දෙනාගෙන් 30කට මදක් වැඩි සංඛ්‍යාවක් පමණි. හිටපු මුදල් ඇමැති සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විදේශ පුරවැසිභාවය අත් නොහැරියහොත් ඔහුට පාර්ලිමේන්තුවෙන් පිටත සිට පක්ෂය මෙහෙයවීමට සිදුවනු ඇත. කෙසේවෙතත්, ඔහුගේ දේශපාලන තීක්ෂ්ණ බුද්ධිය සහ ශක්තිය පවතින්නේ පාර්ලිමේන්තුවෙන් පිටත සිදු කළ හැකි බිම් මට්ටමේ බලමුලු ගැන්වීම තුළ බැවින්, මෙය ඔහුට බරපතල අවාසියක් නොවනු ඇත.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම මගින්, විශේෂයෙන් පත්වීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතුව පැවැති බලතල කිහිපයක් අඩුවනු ඇත. එහිදී, ස්වාධීන කොමිෂන් සභාවලට සහ රජයේ ඉහළ නිලධාරීන් ලෙස පත්කිරීමට අවශ්‍ය ඕනෑම අයකු තෝරා ගැනීමට 20 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට තිබූ බලතල අහිමි වනු ඇත. අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණවල විනිසුරුවරුන්, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සහ සභාපතිවරුන්, මානව හිමිකම් කොමිෂන් සභාව සහ පොලිස් කොමිසම හා පොලිස්පතිවරයා පත්කිරීම ඊට ඇතුළත් විය. මෙම බලය දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත පැවරෙනු ඇති අතර, එහිදී ජනාධිපතිවරයාට යම් බලපෑමක් සිදුකළ හැකි නමුත්, එහි ඒකපාර්ශ්වික බලයක් නොමැත. ඔවුන් තෝරාගනු ලබන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විරුද්ධ පක්ෂ ද එක්ව තීරණය කිරීමෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්පාක්ෂික තේරීමක් සහතික කළ හැකි සිවිල් සමාජ සාමාජිකයන් තිදෙනා අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා එක්ව පත් කරනු ඇත. මේ ආකාරයට තම බලයෙන් යම් ප්‍රමාණයක් අත්හැරීම තුළ ජනාධිපතිවරයාට පිළිගැනීමක් ලැබෙන්නේ, මෙතෙක් දැඩි ලෙස බෙදී තිබූ පාර්ලිමේන්තුව තුළ අනපේක්ෂිත එකඟතාවක් ඇතිකරගත් නායකයකු ලෙසය.
ආණ්ඩු පක්ෂය කොටස් තුනකට හෝ වැඩි ගණනකට ඛණ්ඩනය වීම හරහා, රට මුහුණ දෙන බරපතළ ප්‍රශ්නවලට සම්මුතිවාදී ප්‍රවේශයක් ඇති කර ගැනීම සඳහා දූරදර්ශී සහ ශක්තිමත් අවශ්‍යතාවක් ඇති නායකයකු ලෙස, වැඩි කාර්යභාරයක් ඉටු කිරීමට ජනාධිපතිවරයාට ඉඩ සලසනු ලබයි. පසුගිය වසර දෙක තුළ ගිනිකඳු පිපිරීමකට සමානව පැමිණි ආර්ථික අර්බුදය, දිගුකාලීන දූෂණය සහ වැරදි කළමනාකරණය මෙයට ඇතුළත් ය. ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම විවිධ මට්ටම්වල සිටින පුද්ගලයන් මත විශාල බරක් පටවන එකක් වනු ඇති නමුත්, ද්විපාර්ශ්වික ප්‍රවේශයක් හරහා ඔවුන්ට වඩාත් හොඳින් එම තත්වය හඳුන්වා දීමට හැකිවනු ඇත. 1956 සිට දේශපාලන විසඳුමක් නොමැතිව පවතින දිගුකාලීන ජනවාර්ගික ගැටුම සම්බන්ධයෙන් ද එය එසේම වන අතර, සැබෑ ලෝකයේදී එය එසේ නොවූවත්, එය යුද්ධය අවසන් වීමෙන් පසු මිය ගිය ගිනි කන්දක් ලෙස පවතිනු දැකගත හැකිය.
අවංක ප්‍රවේශය
සම්මුතිවාදී රජයක් පවත්වාගෙන යෑම සඳහා වචනයෙන් සහ ක්‍රියාවෙන් අනුකූලතාව දැක්වීමෙන් ප්‍රදර්ශනය කරන අවංකභාවය අවශ්‍ය වේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ සංශෝධන ගෙන ඒම යහපත් චේතනාවෙන් සිදුකරන්නක් බව පැවසූ අවස්ථාවේදීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කරන සිවිල් සමාජ තිදෙනාම පත් කිරීමට රජයට හැකියාව ලබා දෙන පාර්ලිමේන්තුවේ ඡන්දයක් වෙනුවට, එම සාමාජිකයන් අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා එක්ව තෝරා ගත යුතු බවට විපක්ෂ නායකවරයා කළ ඉල්ලීමට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ එකඟ වීමත් සමඟ, එකඟතාවකට පැමිණීමේ ක්‍රියාවලියේදී අන්‍යෝන්‍ය සමාදානයක් ඇති විය. කෙසේ වෙතත්, සම්මුතිය ඉක්මනින් බිඳ වැටිය හැකි සහ ආරක්ෂා විය යුතු අංශ දෙකක් කෙරෙහි අවධනය යොමුකළ යුතුව තිබේ.
ආර්ථිකය කඩා වැටීමෙන් සහ විරෝධතා ව්‍යාපාරය උත්සන්න වීමෙන් පසු, නව මැතිවරණ සඳහා වන අවශ්‍යතාවය සමාජයේ සෑම තරාතිරමකින්ම ප්‍රකාශ කෙරී ඇත. පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතය. මේ වන විටත් පළාත් පාලන ආයතනවල නිල කාලය, මැතිවරණ නීතියෙන් අවසර දී ඇති උපරිම වසරකින් දීර්ඝ කර ඇති බැවින්, මෙම මැතිවරණ කල් දැමීමකින් තොරව නියමිත වේලාවට පැවැත්විය යුතු බවට විපක්ෂයේ පක්ෂ එකාබද්ධව එකඟ වී ඇත. ආර්ථීකයේ කඩාවැටීමට තුඩු දුන් ආණ්ඩුවේ දූෂණයට සහ අවපාලනයට එරෙහිව සාමකාමීව විරෝධතා දක්වන පිරිස් අත්අඩංගුවට ගැනීම් රැල්ලක් සිදුවෙමින් පැවැතීම අවධානය යොමුකළ යුතු දෙවැනි ක්ෂේත්‍රයයි. සැබෑ ලෙස වැරදිකරුවන් වන අය පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ ඉහළ තනතුරු දරමින් සිටින අතර, දූෂණයෙන් හා කළමනාකරණයෙන් තොර සමාජයක් අවශ්‍ය පිරිස් දඬුවම්වලින් සහ දරදඬු ලෙසින් සැලකුම් ලබමින් සිටිති.
22 වැනි සංශෝධනය සම්මත වීමත් සමඟ සියලු ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක වීම නතර වන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පවසයි. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂයෙන් කොමිෂන් සභා දෙකක ක්‍රියාකලාපය අගය කර ඇති අතර, ඒවායේ සාමාජිකයන් තවදුරටත් ධුරවල සිටිය යුතු බවට කරුණු ඉදිරිපත් කර ඇත. විශේෂයෙන්ම සිවිල් සමාජය විසින් ද දැඩි ලෙස අවධානය යොමුකරන කොමිෂන් සභා දෙකක් ඇත. ඒවා වන්නේ, පළාත් පාලන මැතිවරණය කල් දැමීමකින් තොරව පැවැත්විය හැකි සහ පැවැත්විය යුතුය යන ස්ථාවරය ගත් මැතිවරණ කොමිෂන් සභාව සහ ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිසුන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් විශාල ලෙස (රාජ්‍ය ආයතනයක් ලෙසින්) පෙනී සිටින මානව හිමිකම් කොමිසමයි. මෙලෙස සත්‍යය කතා කරන පිරිස් විසින් රාජ්‍ය නමති නෞකාව ආරක්‍ෂිත වරායකට යොමු කරන විට, රාජ්‍ය නායකත්වය විසින් ඔවුන්ව ද්‍රෝහී දේශපාලන කුණාටුවලින් ආරක්ෂා කළ යුතුව ඇත.
–ජෙහාන් පෙරේරා, විධායක අධ්‍යක්ෂ, ජාතික සාම මණ්ඩලය
More Stories
ලංකාවට රාජ්‍ය ව්‍යාපාර අකැපද?
අධිකරණයට සහ මාධ්‍ය ආයතන වලට සිදුකරන බලපෑම හෙලා දකිමු!
ප්රජාතන්ත්රවාදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආණ්ඩුවට උපදෙස් – ජෙහාන් පෙරේරා