Last Updated on January 7, 2023 by Desman Chathuranga
සාධාරණ සහ ශිෂ්ටසම්පන්න මැතිවරණ සංස්කෘතියක් නිර්මාණය කර ගැනීම උදෙසා මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත යොදා ගන්නා මෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
එහිදී විශේෂයෙන්ම අදාල කෙටුම්පත සම්බන්ධයෙන් මෙතෙක් මතුකර තිබෙන සාධාරණ විවේචන අවධානයට යොමුකරන මෙන් ද එම ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
මැතිවරණ වියදම් නියාමනයට ලක් කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණ සංස්කෘතියක් උදෙසා අවශ්‍ය වන සමබිමක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබීම පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප අපගේ බලවත් ප්‍රසාදය පළකරන්නෙමු. එමෙන්ම එකී පනත් කෙටුම්පත සම්මත කරගැනීම මගින් ජාතියක් ලෙස අප අපේක්ෂා කරන අරමුණ ඉටුකර ගැනීමට නම් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් මතුකර ඇති සාධනීය විවේචනයන් ද සැලකිල්ලට ගනිමින් එය සම්මත කරගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරන්නෙමු.
ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය ශිෂ්ටසම්පන්න කිරීම උදෙසා සෑම දේශපාලන පක්ෂයක් විසින් මෙන්ම මැතිවරණ අපේක්ෂකයෙකු විසින් ද සිදුකරන වියදම් හා ඒ සඳහා අරමුදල් රැස්කරගන්නා ආකාරය පිළිබඳව නියාමනය කිර්‍රීම මෙන්ම ඒ සඳහා යොදාගන්නා අරමුදල් නීත්‍යානුකූල මාර්ගවලින් ලබාගන්නා බවට ද සහතික විය යුතුමය. ඒ සඳහා නීතියක් බලාත්මක කරගැනීම අතිශයින්ම වැදැගත්ය. ඒ අනුව මෙමෙ පනත් කෙටුම්පත සම්මත කරගැනීමෙන් අපේක්ෂා කරන පළාත් පාලන, පළාත් සභා, මහ මැතිවරණ හා ජනාධිපතිවරණයන් සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ මැතිවරණ වැය නියාමනය කිරීම සාධනීය වන අතරම එයට අමතරව ජනමත විචාරණ ද එයට ඇතුළත් කරමින් එහිදී ද එක් එක් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් මගින් සිදුකරණ වියදම් එකී නීතිමය රාමුවට ඇතුළත් කල යුතුව ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.
එයට අමතරව මැතිවරණයන්හි දී සිදුකරන ප්‍රචාරක හා අනෙකුත් වියදම් හරහා චන්ද දායකයන් ට අනිසි බලපෑම් සිදුකිරීමට දේශපාලන පක්ෂවලට හා අපේක්ෂකයන්ට හැකියාවන් ලැබෙන ආකාරයට මෙම කෙටුම්පත තුළ ද දක්නට ඇති ඇතැම් සිදුරු වසා දැමීමට කටයුතු කරනු ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු. ඒ අනුව යම් අපේක්ෂකයෙකු වෙනුවෙන් වෙනත් පාර්ශවයක් විසින් යම් මුදලක් වැයකරන්නේ නම් ඒ සදහා අදාළ අපේක්ෂකයාගෙන් හෝ පක්ෂයෙන් පූර්ව අවසරයක් ලබාගැනීම අනිවාර්‍ය කරමින් නීතියෙන් පැහැදිළි වගවීමකට ලක් කල යුතුව තිබේ. එමෙන්ම මුල් පනත් කෙටුම්පතෙහි දක්නට තිබූ ආකාරයට සෑම අපේක්ෂකයෙකුම සිය වියදම් නිශ්චිත බැංකු ගිණුමක් හරහා වැය කල යුතුව ඇතැයි යෝජනා කර තිබුණ නමුත් මෙමෙ පනත් කෙටුම් පතෙහි එය අන්තර්ගත නොවීම පිළිබඳව ද අවධානය යොමු කල යුතුව ඇත.
එමෙන්ම විදේශ ආධාර ලබන ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති සංවිධාන වලින් මෙන්ම සමාගම් පනත යටතේ ලාභ නොලබන සමාගම් ලෙස හෝ පාර්ලිමේන්තු පනත් මගින් සංස්ථාපනය කර ඇති සංවිධානවලින්ද මැතිවරණයකදී අරමුදල් ලබාගත නොහැකි වන ආකාරයට මෙම පනත් කෙටුම් පතටද විදිවිධාන ඇතුළත් කිරීම වැදැගත් වන බව අපගේ නිගමනය යි.
ඒ අනුව මැතිවරණ වියදම් පදනම් කරගනිමින් මෙවැනි නීතියක් බලාත්මක කරගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් කටයුතු කරන සියළු පාරශවයන් වෙත සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අපි අපගේ බලවත් සහාය හා ස්තුතිය පළකරන්නෙමු. එමෙන්ම අප ආණ්ඩුවෙන් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම මන්ත්‍රීවරුන්ගෙන් මේ මොහොතේ ඉල්ලා සිටින්නේ මැතිවරණ කොමිෂන් සභාව මගින් මෙන්ම ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ශණ සංවිධාන ගණනාවක් විසින් සකස් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති යෝජනා ද සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව තුළ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ සාර්ථක නීතිමය පදනමක් සකස් කර ගැනීම සදහා පියවර ගැනීමට මෙය අනගි අවස්ථාවක් කරගන්නා ලෙසය
-කරු ජයසූරිය, සභාපති, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?