Last Updated on January 20, 2023 by Desman Chathuranga
ජාත්‍යන්තර අරමුදලින් ශ්‍රි ලංකාවට ණය මුදල් ලබාදිමට එකග වි ඇති බව මහනුවර දිස්ත්‍රික් පා.ම සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නාවලපිටිය ප්‍රදේශයේදි මේ බව පවසා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණයක් ලබාදිම සම්බන්ධයෙන් විධිමත් ලෙස අනුමත කර නොමැති අවස්ථාවක රාජපක්ෂ ජුන්ටාවේ අමාත්‍යවරුන් ජනතාවට අසත්‍ය පැතිරවිම ආරම්භ කර තිබේ.
(20) දින පස්වරුවේ උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය ඉගුරුඔය දුම්රිය හරස් මාර්ගය අසන්නයෙන් ඉගුරුඔය ප්‍රදේශයෙන් ගම්මාන හතරකට පිවිසිමට දුම්රිය හරස් මාර්ගයක් ඉදි කර එම මාර්ගය ජනතා අයිතියට පත් කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවකදි ඔහු මේ බව පවසා තිබේ.
මෙම උත්සවයේදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ ඉන්දියාව සහ චිනය ශ්‍රි ලංකාවට ණය මුදල් ලබාදිමට එකග වි ඇති බවයි .
පසුගිය මාස හත තුල රටේ ජනතාව ආර්ථික වශයෙන් ගැටළු රැසකට මුහුණ පා සිටි බවත්, ජාත්‍යන්තර අරමුදලින් ශ්‍රි ලංකාවට ණය ආධාර ලැබිමෙන් පසු රටේ ආර්ථිකය යලි යථා තත්ත්වයට පත් වන බවද ඔහු මෙහිදි සදහන් කර තිබේ.
වසර 75ක පමණ දුෂිත දේශපාලන ඉතිහාසය පුරාම සිංහලෙන් ජනතාවට බොරු පැවසිමත් ඒ හරහා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනිම පුරුද්දකට ගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමිම සහ රාජපක්ෂලා දේශපාලනයෙන් අතුගා දැමිමට ජනතාව දියත් කල අරගලයේ තවත් පැතිකඩක් ලෙස මහින්දානන්ද වැනි දුෂිත දේශපාලකයන් කාලයක් කාමරවලට වී කොටුවි සිටි අතර රනිල් රාජපක්ෂගේ රැකවරණය යටතේ දැන් ඔහු යලි කලඑළිය බසිමින් සිටි. දුෂිත දේශපාලනය අවසන් කිරිම සදහා ජනතාව පෙරමුණ ගත යුතුව තිබේ.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?