Last Updated on November 20, 2022 by Lankae Cast
රසායනාගාර පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍ය ප්‍රතික්‍රීයක සැපයුම අඩාල වීමේ අර්බුදයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාසායනාගාර අංශ සෘජු ලෙසම වගකිව යුතු අතර, වහාම ඒ සම්බන්ධ අවධානය යොමුකරන මෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් ඉල්ලා සිටියි.
අමාත්‍යවරයා වෙත විවෘත ලිපියක් යොමුකරමින් සංගමයේ සභාපති රවී කුමුදේශ් පෙන්වා දෙන්නේ, අර්බුදය විසඳීම පිණිස අවම තරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාසායනාගාර අංශ පාර්ශවකරුවන්ගේ සාකච්ඡාවක් පවා මෙතෙක් කැඳවා නොමැති බවය.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය, අමාත්‍යවරයා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.
ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, ගරු සෞඛ්‍ය අමාත්‍ය තුමා,
සෞඛ්‍ය අමාත්‍යාංශය
කොළඹ
රසායනාගාර පරීක්ෂණ සදහා ප්‍රතික්‍රීයක සැපයුම අඩාල වීම සහ ප්‍රතික්‍රීයක බිල අඩු කර ගැනීම සදහා පවතින විකල්ප මගහැරීම
රසායනාගාර පරීක්ෂණ සදහා අත්‍යවශ්‍ය ප්‍රතික්‍රීයක සැපයුම අඩාල වීම හේතුවෙන් බොහෝ රෝහල් වල සාමාන්‍ය රසායනාගාර පරික්ෂණ පවා සිදු කිරීමට නොහැකි තත්වයක් මතු වී ඇත. කාලාන්තරයක් තිස්සේ වර්ධනය වෙමින් පවතින මෙම අර්බුධයට විසදුම් ලෙස පහත ක්‍රියාමාර්ග අප යෝජනා කලද, සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ අයතන බලධාරීන් ඒ පිළිබදව නිසි අවධානය යොමු නොකිරීම හේතුවෙන් එම අර්බුධකාරී තත්වය වලක්වා ගැනීමට තිබූ අවස්ථාවන් නොසලකා හැර ඇත.
- අනුමත සමාගම් අතුරින්, ඒකක පරීක්ෂණ මිල අවම ප්‍රතික්‍රීයක වර්ගය පමණක් මිලදී ගැනීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මිලදි ගනු ලැබූ යන්ත්‍ර සදහා ඕනෑම ප්‍රතික්‍රීයකයක් භාවිතා කිරීමට අවශ්‍ය ඉඩ සලසා ගැනීම
- ඉන්දියන් ණය ආධාර යටතේ ගුණාත්මක බවින් ඉහල ප්‍රතික්‍රීයක, ඩොලර් අර්බුධයට විකල්ප ලෙස අඩුම මිලකට මිලදී ගත හැකි බැවින් ඒ සදහා අවශ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම හා දැනට ඉල්ලුම් ප්‍රතික්‍රීයක ගෙන්වා ගැනීමට අදාල බාධාවන් ඉවත් කිරීම.
- පරිත්‍යාග ලෙස යන්ත්‍ර ලබා දෙමින්, වැඩිමිල ප්‍රතික්‍රීයක මිලදී ගැනීම අනිවාර්ය කරවීම වැලැක්වීම සහ නව යන්ත්‍ර ගෙන්වීම හැකිතාක් පාළණය කිරීම.
- අනවශ්‍ය ලෙස පරීක්ෂණ ඉල්ලුම් කිරීම පාළණය කිරීම.
- දීර්ගකාලීන විසදුමක් ලෙස ප්‍රතික්‍රීයක රට තුල නිශ්පාදනය සදහා නිසි වැඩ පිළිවෙලක් සහ පසසුකම් සැලසීම.
කෙසේ නමුත් මෙම අර්බුධය විසදීම සදහා අවම තරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාසායනාගාර අංශය පාර්ශවකරුවන්ගේ සාකච්ඡාවක් පවා මෙතෙක් කැදවා නොමැති අතර, එම අංශයේ කළමනාකරණය නොහැකියාව සහ නිසි තීරණ නොගැනීම, මෙම තත්වයට සෘජු ලෙසම වගකිව යුතුය.
එබැවින් මේ පිළිබදව නිසි අවධානය යොමු කරමින්, අත්‍යවශ්‍ය පරිපාළණ මැදිහත්වීම ලබා දෙන ලෙසත්, ඉල්ලන ප්‍රමාණයට මුදල් ලබා දීම හෝ පරීක්ෂණ නතර කිරීමට එහා ගිය පරිපාළණ භාවිතාවක් මගින් ප්‍රතික්‍රීයක බිල පමණක් සිව් ගුණයකින් අඩු කල හැකි බව ඉතා විශ්වාසයෙන් යුතුව පෙන්වා දෙමු.
රවී කුමුදේශ්,
සභාපති,
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?