counter hit xanga
October 21, 2021

රුධිර කැටි ගැසීම දුර්ලභ තත්ත්වයක්! ඇස්ට්‍රාසෙනෙකා ගැන WHO මතය මෙන්න

Last Updated on April 18, 2021 by Panduka Herath

ඇස්ට්‍රාසෙනෙකා එන්නත (astrazeneca vaccine) සහ දුර්ලභ රුධිර කැටි ගැසීමේ අවදානම අතර සම්බන්ධයක් ඇති බව පිළිගත හැකි නමුත් එය දුර්ලභ තත්ත්වයක් බව WHO හෙවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරනවා.

එන්නත සහ අඩු රුධිර පට්ටිකා සහිත රුධිර කැටි ගැසීම් අතර යම් සම්බන්ධතාවක් ඇති බව පිළිගත හැකි නමුත් එය තහවුරු කර නොමැති දුර්ලභව අවස්ථාවක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. යුරෝපා සංගමයේ සහ එක්සත් රාජධානියේ නියාමකයින්ගේ නවතම තොරතුරු සමාලෝචනය කිරීමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම නිගමනයට එළැඹ තිබේ.

ලොව පුරා මිලියන 200කට ආසන්න පුද්ගලයින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන ඇති අතර ඒ හරහා ඇතිවු සිද්ධීන් ඉතා අවම බවත්, තක්සේරු කිරීමේදී එම සිදුවීම් ඉතා දුර්ලභ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

“whilst concerning, the events under assessment are very rare, with low numbers reported among the almost 200 million individuals” who have received the vaccine worldwide.

මහා බ්‍රිතාන්‍යයේ කොවිඩ් වයිරසය ආසාදනය වීම වැළැක්වීමට නිෂ්පාදනය කර ඇති “ඇස්ට්‍රාසෙනකා” එන්නත ලබාගත් එරට වැසියන් 7 දෙනකු අසාමාන්‍ය ලේ කැටි ගැසීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තවත් 23ක් එම තත්ත්වය මත රෝහල් ගත කර තිබේන් බවට පලවු පුවත් හේතුවෙන් ලංකාව ඇතුලු රටවල් කිහිපයකම මෙම එන්නත වෛරස් ගත වුවන්ට ලබාදිම පිළිබඳව ප්‍රශ්ණාර්ථයක් හටගත් අතර රටවල් කිහිපයක්ම එන්නත ලබාදීම වහාම අත්හිටුවීමට ද කටයුතු කර තිබුනා.

මාර්තු මස 24 වැනිදා වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත බ්‍රිතාන්‍ය වැසියන් මිලියන 18කට ලබාදී අවසන් කර තිබු බවයි බ්‍රිතාන්‍යය සෞඛ්‍ය අංශ සදහන් කළේ.