counter hit xanga

Online අරක්කු ගැන හමුදාපතිගේ තීන්දුව!

කෙසේවෙතත් ඊයේ රාත්‍රීය වනවිට රජය Online ක්‍රමයට මත්පැන් අලෙවි කිරිමට අවසර නොදෙන බව දැනුම් දි තිබුනා.

Last Updated on June 17, 2021 by Desman Chathuranga

සුපිරි වෙළෙඳසල් හරහා මත්පැන් මාර්ගගත ක්‍රමයට ලබාදීමේ වැඩපිළිවෙළට අවසර ලබා නොදෙන බව COVID- 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Online ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළඳසල්වලට අවසරය ලබා දෙන්නැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලිමක් කර තිබු අතර එයට මුදල් අමාත්‍යාංශයේ අවසරයද හිමිව තිබුනා.

කෙසේවෙතත් ඊයේ රාත්‍රීය වනවිට රජය Online ක්‍රමයට මත්පැන් අලෙවි කිරිමට අවසර නොදෙන බව දැනුම් දි තිබුනා.

සංචරණ නීති ක්‍රියාත්මක වන මේ කාලසීමාවේදී මත්පැන් Online ක්‍රමයට සැපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහොත් එය කොරෝනා පාලන වැඩසටහනට විශාල බාධාවක් බව වෛද්‍ය ක්ෂේත්‍රයේ විශාල පිරිසක් රජයට කරුණු පෙන්වා දිම එම තින්දුව ගැනිමට හේතුව වි තිබුනා.