Last Updated on June 22, 2021 by Panduka Herath
රජයට අයත් Litro Gas සමාගම සහ පෞද්ගලික සමාගමක් වන laugfs gas සමාගම මගින් සිදුකරන මෙහෙයුම් කිහිපයක් ඒකාබද්ධව සිදු කිරීම සම්බන්ධයෙන් නිර්දේශ නිකුත් කර තිබේ. ඒ අනුව LP ගෑස් ගෑස් මිලදී ගැනීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීම යන මෙහෙයුම් ඉදිරියේදී ඒකාබද්ධව සිදු කිරිමට නියමිතයි.
ඊයේ (21) පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදි මේ සම්බන්ධයෙන් තීන්දු කිහිපයක් ගත් අතර ඒ අනුව මෙම මෙහෙයුම් සඳහා හම්බන්තොට ගෑස් පර්යන්තය යොදා ගැනීමට යෝජනා වී තිබේ.
මිට අමතරව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දැනට නියම කර ඇති පරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,493/-ක මිලට ලිට්‍රෝ ගෑස් සමාගම සහ ලාෆ්ස් ගෑස් සමාගම විසින් තවදුරටත් වෙළෙඳපොළේ අලෙවි කිරීම සිදු කළ යුතු වේ.
එසේම ගෑස් මිල දී ගැනීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීම සමාගම් දෙක විසින්ම ඒකාබද්ධව සිදු කිරීම හා ඒ සඳහා හම්බන්තොට ගෑස් පර්යන්තය යොදා ගැනීමට තීරණය වී තිබේ.
රටට අවශ්‍ය LP ගෑස් මිල දී ගැනීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු, ප්‍රවාහනය හා ගබඩා කිරීමේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයින් ද ඇතුළත් අදාළ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුම සහිත නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටද තීරණය කර තිබේ.
LP ගෑස් කර්මාන්තය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ලබා ගැනීම සඳහා වෙළෙඳ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය අනුකාරක සභාවක් පත් කිරීම පිණිස 2021 ජුනි මස 07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලද කැබිනට් තීරණ පහත පරිදි වේ.

http://buystromectolon.com/ – ivermectin dosage for humans
buy priligy in the usa
tamagra cialis qui fonctionnent
[url=http://cheapdrugs.store/#]online drug store[/url]