Last Updated on May 10, 2021 by Desman Chathuranga
පවතින තත්ත්වය මත රට පූර්ව වශයෙන් වසා දමන්නේද? නැතහොත් කොටස් වශයෙන් හෝ පළාත් වශයෙන් සංචරණ සීමා පනවන්නේද යන්න සම්බන්ධයෙන් වන යෝජනාවක් අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි Ecast දේශපාලන වාර්තාකරු සදහන් කළා.
ඒ අනුව පවතින තත්ත්වය හමුවේ පූර්ණ වශයෙන් වසා දමන්නේ ද අර්ධ වශයෙන් වසා දමන්නේ ද යන්න ගැන එහිදී අවසන් තීරණයකට එළැඹීමට නියමිත ය.
රටේ ආර්ථිකයට බලපෑමක් නොවන ලෙස එම ක්‍රියාමාර්ග ගැනීම ගැන සාකච්ඡා කිරීම කැබිනට් මණ්ඩලය කටයුතු කිරිමට නියමිතයි.මේ වනවිටත් රට වසා දැමීමකට සූදානමින් සිටින ලෙස අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරිමටද කටයුතු කර තිබේ.
ඊයේ දිනයේද මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැති අතර එහිදි ඉදිරිපත් කර තිබේන නිර්දේශද අද සලකා බැලිමට නියමිතයි.
https://buystromectolon.com/ – stromectol to buy
Priligy