Last Updated on May 15, 2021 by Desman Chathuranga
යුද්ධයෙන් මිය ගිය LTTE සමාජිකයන් සිහි කොට සැමරුම් උත්සවයක් සංවිධානය කිරිමට උත්සාහ දැරු 27 දෙනෙකුට අධිකරණය විසින් තහනම් නියෝගක් නිකුත් කර තිබේ.
එලඹෙන 18 වනදා මුලතිව් -මුල්ලිවයික්කාල් ප්රදේශයේ අදාළ සැමරුම් උත්සවය සංවිධානය කරන බවට තොරතුරු ලැබි ඇති බව මුලතිව් දිස්ත්රික්කයේ පොලිස් ස්ථාන 07ක් අධිකරණයට කල කරුණු දැක්විමට අනුව මෙම නියෝග නිකුත් කර තිබේ.එම කරුණු දැක්විම සලකා බැලු මුලතිව් මහේස්ත්රාත් අධිකරණය සැමරුම් උත්සවය සංවිධානය කරන බවට තොරතුරු වාර්තා වු 27 දෙනෙකුට එරෙහිව මෙම තහනම් නියෝගයක නිකුත් කර තිබේ.
මේ අතර මීට වසර 12 කට පෙර දසදහස් ගණනක් සමූල ඝාතනය කල බව සදහන් කරමින් මුල්ලිවයිකල් ස්මාරකය ආසන්නයේ කළු ගලකින් නිර්මාණය කරන ලද විශේෂ පණිවිඩයක් සහිත පුවරුවක් එම ස්ථානයින් ඉවත් කිරිම සම්බන්ධයෙන් දකුණේ පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතා මෙන්ම උතුරේ පාර්ලිමේන්තු මන්ත්රී සී.වී විග්නේශ්වරන් මහතා රජයට අනතුරු අගවමින් නිවේදන නිකුත් කර තිබේ.
දකුණේ නැගිටීම්වලදී මියගිය සිංහල ජනයා සිහි කිරීම සඳහා ඉදිකරන ලද ස්මාරක මෙන්, යුද්ධයෙන් විනාශ වූ දෙමළ ජනතාව සිහි කිරීම සඳහා ඉදිකරන ලද මුල්ලිවයිකල් ස්මාරකය ශ්රී ලංකා හමුදා වටලෑමේදී බිඳ දමා ඇති බවත් මෙම හිතාමතා කළ ක්රියාව අපි හෙළා දකිමු. මෙම ම්ලේච්ඡ අපකීර්තිමත් ක්රියාව හෙළා දකින ලෙස අපි සිංහල ප්රගතිශීලී බලවේගයන්ගෙන් සහ බෞද්ධ ප්රජා නායකයින්ගෙන් ඉල්ලා සිටින බවද මනෝ ගනේෂන් සිය නිවේදනයේ සදහන් කර තිබේ.
සී.වී විග්නේශ්වරන් මහතා සිය නිවේදනය මගින් පෙන්වා දි ඇත්තේ මුල්ලිවයිකල් හි සිදු වූ දේ ජන සංහාරයක් බව ලෝකය ඉතා ඉක්මනින් පිළිගනු ඇති බවයි.
“ආණ්ඩුවේ මෙම ක්රියාව දෙමළ ජනතාවගේ හදවත් ගැඹුරින් ස්පර්ශ කර ඇතත් එය අපට පුදුමයක් නොවේ. මෙයට හේතුව මෙම රජය අතීතයේ දී දෙමළ ජනතාවට එරෙහිව මෙවැනි කුරිරු ක්රියා රාශියක් සිදු කර ඇති බැවිනි.”
http://buystromectolon.com/ – Stromectol
Priligy
hydroxychloroquine buy online amazon
[url=http://cheapdrugs.store/#]do i have ed[/url]
sildenafil citrate 100mg for sale viagra pills sildenafil
https://cipro.best/# buy cipro online canada
https://gabapentin.icu/# drug neurontin 200 mg
buy cialis online no prescription This year, a doctor in California, who had prescribed Viagra online through a site called KwikMed