Last Updated on October 20, 2022 by Lankae Cast
බ්‍රිතාන්‍යයේ මම දිනපතාම වැඩට යන්නේ, එන්නේ කෝච්චියේ.
බස් එකේ ගිහින්, කෝච්චියේ ගිහින් Tube එකෙත් යනවා. සමහරවිට ටික දුරක් පයිනුත් යනවා.
ඉතින් කෝච්චි ගමන මට අලුත් දෙයක් නොවුණත් පහුගිය දවස්වල ලංකාවෙ අලුත් intercity train වල ගමන් කිහිපයක් ගියේ බොහොම ආසාවෙන්.
ඇත්තටම ලංකාවේ දිගු දුර intercity ශීඝ්‍රගාමී දුම්රියවල තියෙන සමහර පහසුකම් එංගලන්තෙවත් නෑ.
උදාහරණයක් විදියට මම වැඩට යන කෝච්චියේ first class එකේවත් කකුල් දිග ඇරගෙන පොඩ්ඩක් හාන්සිවෙන්න ඉඩ නෑ. ඒත් ලංකාවේ වායු සමීකරණය කරපු express train එකේ සීට් දෙකම ජනේලේ පැත්තට හරවන්නත් පුළුවන්.
ඉතින් මම හිතන්නේ ඇල්ල කෝච්චිය විතරක් නෙමෙයි, අපි මේ ට්‍රේන් ගමන් සේරම හරියට මාකට් කළොත් විදේශිකයොත් විශාල පිරිසක් මේ කෝච්චිවල යන්න පටන් ගනීවි.
ඒත් පහුගිය දවස්වල මහනුවර, යාපනේ එහෙම ගියපු වෙලාවල දැක්ක දේවලින් මට හිතුණේ අපිට තව හදාගන්නත් ගොඩක් දේ තියෙනව කියල.
*** ටිකට් ගත්තත් යන්නෙ නෑ
හදිසි වුවමනාවකට හරි කිසියම් කෙනෙකුට හෙට intercity කෝච්චියේ යන්න අවශ්‍ය වුණොත් කොයි විදියට වත් ටිකට් එකක් ගන්න නම් විදියක් නෑ. මොකද සේරම සීට් විකිණිලා ඉවරයි.
ඒත් ට්‍රේන් එකට නැග්ගම හැම පෙට්ටියකම සීට් ගණනාවක් හිස්. ලඟදි දවසක් එක කෝච්චියක පෙට්ටි දෙකක් සම්පූර්ණයෙන්ම හිස්ලු !
මේක නම් හරිම වැරදි වැඩක්.
සමහර වෙලාවට කන්කසන්තුරේ ඉඳල අනුරාධපුරේට එනකල් කෝච්චියෙන් බාගයක් හිස්. ඒත් හොයල බැලුවම ඒ සීට් ටිකටත් ටිකට් අරගෙන ලු!
යාපනේ ඉඳල එන කෝච්චියේ රියැදුරා, ඉන්දික, මගේ මිත්‍ර සුජීව සෙනරත් සොහොයුරාගේ මිත්‍රයෙක්. ඉතින් අපි සුජීවගෙ යාලුකම නිසා ටිකක් රියදුරු කුටියේ එන අතරේ ඉන්දිකගෙන් ඒ ගැනත් ඇහුව.
ඉන්දික වගේම දුම්රියේ ටිකට් පරීක්ෂකයත් කිවුවේ ටිකට් අරගෙන එන්නේ නැති බොහෝ දෙනා ආණ්ඩුවෙන් ලැබෙන වොරන්ට්වලින් කලින්ම ටිකට් ගනිපු අයලු. මොකක් හරි හේතුව්ක් නිසා ඒ ගොඩක් අයට reserve කරපු ගමන යන්න වෙන්නේ නෑ.
වැඩේ තියෙන්නේ වොරන්ටවලින් ටිකට් ගත්ත අය ටිකට් return කරන්න ගියොත් එයාලට 50%ක් ගෙවන්න වෙන බව ටිකට් පරීක්ෂක කිවුව. ඒත් සල්ලිවලට ටිකට් ගත්ත අයට ගෙවන්න වෙන්නෙ සුලු මුදලක්.
ඒ නිසා මේ system එක වෙනස් වෙන්න ඕනෙ. එහෙම නැත්නම් ටිකට් ගන්න ගියාම ‘fully booked’ ඒත් හැමදාම කෝච්චියෙ බාගයක් හිස්.
*** ටිකට් ගන්න හැඳුනුම්පත මොකටද?
අනික තමා වායු සමීකරනය කරපු නගරාන්තර train වලට ටිකට් ගන්න තවමත් online system එකක් නෑ. ටිකට් එක ගන්න station එකට යන්නම ඕනෙ.
එතනට ගියහම හැඳුනුම් පතත් ඉල්ලනව.
නගරාන්තර දුම්රිය කියන්නෙ පිටරට යන ගමනක්ද? ඇයි ඒකට මේ identity card ඉල්ලන්නෙ? මොකක්ද ඒකෙ තෙරුම?
ඇයි අපි පහසුවෙන් කරගන්න දේවල් මේතරම් අසීරු කරන්නෙ?
මේ කතාවත් කියන්නම ඕනෙ.
මම පහුගියදා මිතුරෙක් හමුවෙන්න විශ්වවිද්‍යාලෙකට ගිය වෙලාවෙ ශරීර කෘත්‍යයට අහවල් තැනටත් ගියා.
මම ඇතුලට යනකොටම මම දැක්ක ඒක පිරිසිදු කරන මනුස්සය එතන තිබුණ සබන් කැටේ සාක්කුවෙ දාගෙන යනව.
එතන විතරක් නෙමෙයි, රටේ හුඟක් ඉහළ තැන්වල පවා වැසිකිලියෙ සබන් කෑල්ලක් නෑ.
මම ගියපු දවස්වල කෝච්චියෙත් ඒ වගේමයි.
වැසිකිලි පිරිසිදුයි, හැබැයි සබන් කෑල්ලක් පලාතක නෑ.
අපේ සෞඛ්‍යය වගේම ඩොලර් ගේන්න විදේශිකයො ගෙන්න ගන්නත් ඕනෙ නම්, අපි මීට වඩා personal hygenic ගැන හිතන්නත් ඕන නේද?
– සරෝජ් පතිරණ (Saroj Pathirana)
More Stories
මඳ කිපුනු තනි අලියා වට කරගත් සුඳු අලි රෑන
ජගත්කරණය වූ දඹදෙනියේ බයියා
දරැවන් දෙන අමුතු කෝවිල