counter hit xanga
March 26, 2023

අයියා,මල්ලී වැඩේ බේරගනි! බැසිල්ට මුදල් ඇමතිකම!

Last Updated on July 3, 2021 by Desman Chathuranga

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත් කිරිම මේ වනවිට තහවුරු වි තිබේන බව දේශපාලන ආරංචී මාර්ග අනාවරණය කරනවා.

ලබන අටවැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දිමෙන් පසුව මුදල් සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳව අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහත දිවුරුම් දිමට නියමිත බවයි එම ආරංචී මාර්ගය තහවුරු කළේ.

ඒ අනුව මුදල් අමාත්‍ය පදවිය දැරෑ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවාස නාගරික සංවර්ධන, බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති බවත් ඔහු එම තීන්දුවට මේ වනවිටත් එකඟතාව පලකර ඇති බවත් අනාවරණය වේ.

මිට පෙර බැසිල් රාජපක්ෂ මහතාට හිමිවිමට නියමිතව තිබුනේ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයයි. නමුත් ඔහුන් අතර සිදුවු සාකච්ඡාවල අවසන් ප්‍රතිපලය ලෙස බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධුරය ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකඟත්වය පලකර තිබේ.

මේ අතර බැසිල් වෙනුවෙන් ලබන 06දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන මන්ත්‍රීවරයා කවුරුන්ද යන්න මෙතෙක් නිශ්චිත නොමැති වුවත් බොහොවිට ජාතික ලැයිස්තු මන්ත්‍රීන් ෆලීල් මර්ජාන් ඉවත් වනු ඇති බවද වාර්තා වේ.

මිට අමතරව බැසිල් රාජපක්ෂ මහතාට හිමිවන විෂය කාර්යයන් පිළිබඳ අවසන් තීන්දුවකට එළඹම සදහා ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් 8 වැනිදායින් පසුව එළඹෙන සතියේ පැවැත්විමට නියමිතයි.