Last Updated on November 8, 2022 by Desman Chathuranga
සමගි ජන බලවේගයට සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ වී සිටින පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර ගැනීම සඳහා එම පක්ෂයේ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේන බවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සහ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර කරන ප්‍රකාශ බැසිල්ට එරෙහිව මහින්දගේ මෙහෙයුමක කොටසක් බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
බැසිල්ට එරෙහිව ඔහුගේ යටතේ ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අලුත්වැඩියා කළ නොහැකි ලෙස දුර්වල කිරිම හරහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යලි බලාත්මක කිරිමටත් එහි දෙවන පෙළ නායකත්වය නාමල් අතට පත්කිරිමත් මහින්දගේ අරමුණ වි ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනටමත් දෙකඩවීම් තුනකට ගොදුරු වී ඇති අතර, කැඩී ගිය කණ්ඩායම්වලට නායකත්වය දෙන්නේ විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම සහ අනුර ප්‍රියදර්ශන යාපා ය. වාමාංශික පක්ෂ සහ ශ්‍රීලනිපය සමඟ එක්ව ඉදිරි මැතිවරණවලට තරග කිරීමට ඔවුන් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.ඒම කණ්ඩායම් තීරණ අවස්ථාවක ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව සෑදෙන සන්ධානයකට එකතු කර ගැනිම මහින්දගේ අරමුණ වි තිබේ.
2020 මහ මැතිවරණයේදී SLPP ආසන 145ක් දිනාගත් අතර තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීම සඳහා SJB මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු දිනා ගැනීමට සමත් විය. එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ස්ථාවරය ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කළේය. එහෙත් වසර දෙකක් යන්නට මත්තෙන්, පාලක සභාගයේ කොටස් අඩු කිරීම සඳහා ලබා දුන් ආධිපත්‍යය දරන චරිතයක් ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ සමඟ විසම්මුතිවාදීන් ගැටීමත් සමඟ පක්ෂ අභ්‍යන්තරය පුපුරා ගිය අතර එය අවසන් වුයේ ගෝඨාභයට ජනාධිපතිකමද අහිමි කිරිමෙනි.
නාමල්ගේ මූණට කී කතාව …!
බැසිල්ට සහ පොහොට්ටුවට එරෙහිව මහින්දලා ගෙන යන කුමන්ත්‍රණය පිළිබඳව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගියදා සජීව විකාශයකදි කල ප්‍රකාශයක් හරහාද මතුවි පෙනෙන්නට තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි ගොඩනැගීමට බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කරගනිමින් පවත්වනු ලබන රැස්වීම් මාලාවට තමා විරුද්ධ බවත් බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය අත්හැරීමට සුදානම් නොමැති බවත් ඔහු දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් කියා සිටියා.
“එදා මම රට යන දවස. මම ආවට පස්සේ ආරච්චිකට්ටුවට ගියා. සනත් ඇහුවා අයියේ ඔයා කතා කරනවා ද කියලා. මම කිව්වා මල්ලි මම මේ වැඩේට විරුද්ධයි කියලා.මහින්ද රාජපක්ෂට ගෞරවනීය සමුදීමක් දෙන්න අපි හැදුවේ. අපිට ඒ දේ කරගන්න බැරිවුණා. අපි ආපහු එතුමාව ඇයි මේ තත්ත්වයට පත්කරන්නේ.”
අපට අද පාරේ නිදහසේ බැහැලා යන්න හදලා දීපු නායකයෙක් මේ මට්ටමට පත්කරන්න එපා කියලා නාමල්ගේ මූණට ම මම කිව්වේ. එයා ඒක පිළිගත්තා.”
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?