Last Updated on June 4, 2021 by Desman Chathuranga
රටේ වත්මන් තත්ත්වය සහ ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාදාමය සම්බන්ධයෙන් ආගමික නායකයින් සමග සාකච්ඡා කිරිමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇති බව ecast දේශපාලන වාර්තාකරු සදහන් කළා.
දේශපාලනයෙන් තොරව රට ගැන අවංක හැඟීමෙන් යුතුව සිදුකරන විවේචන පිළිබඳව සොයා බැලීමට රජය ක්‍රියාකරන බවත් ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වාදීම තුළින් ඒවා නිවැරදි කර ගැනීම මෙම සාකච්ඡා වල අරමුණ වි තිබේ.
මහා සංඝරත්නය ඇතුළු සියලූම ආගමික නායකයන් රට ගැන හැඟීමකින් යුතුව සිදුකරන අනුශාසනාවලින් බැහැරවීමට රජය කිසි විටෙකත් කටයුතු නොකරන හෙයින් වහාම මෙම සාකච්ඡා පැවැත්විම අවශ්‍ය බව ආණ්ඩුවේ සාමුහික අදහස වි තිබේ. ඒ සදහා වඩාත්ම සුදුසුම පුද්ගලයා වන්නේ අග්‍රාමාත්‍යවරයා බවයි ඔහුන්ගේ අදහස වි ඇත්තේ.
විපක්ෂයේ විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවා හරිමින් ඒවා රටෙත් සමාජයෙත්,ජනතාව අතරත් ඇත්ත බවට පත්කිරිම සදහා සියුම් දේශපාලන කුමන්ත්‍රණයක් දියත් වන බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් රැසක් පෙන්වා දි ඇති අතර ඒම කණ්ඩායම තුල ඇතැම් ආණ්ඩුවේ මැති ඇමතිවරු මෙන්ම නියෝජිතයන් සිටින බවද ඔහු සදහන් කර තිබේ.
ආණ්ඩුව සමග සමීපව වැරදි පෙන්වා දෙමින් කටයුතු කල නාරාහේන්පිට අභයාරාමාධිපති පුජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන්,කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැනි රට පිලිගත් ආගමික නායකයන් ඒ හරහා හුදකලා කර ආණ්ඩුවට උපදෙස් දිම වෙනුවට ආණ්ඩුවට එරෙහිව භාවිතා කිරිමට කටයුතු කරන බවයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වි ඇත්තේ.
buy cialis withiut a prescription price of cialis 20 mg
ivermectin 5 stromectol nz
cialis free trial offer tadalafil
top web source for cialis best price for daily cialis
https://diflucan.icu/# where to buy diflucan pills
https://cipro.best/# where can i buy cipro online
https://withoutprescription.store/# cvs prescription prices without insurance
erection pills that work treatment of ed