Last Updated on April 21, 2021 by Desman Chathuranga
අප්‍රියෙල් 21 එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මුළු කැබිනට් මණ්ඩලයම වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ යහපාලන ආණ්ඩුව ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව වගකිව යුතු බවයි.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහතා ..
“මේ ප්‍රහාරය පිළිබඳ අතුරු වාර්තා දෙකක් සහ අවසන් වාර්තාවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට දී තිබෙනවා. මේ වාර්තා පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයෙන් විශේෂඥ කමිටුවකුත් දැම්මා. ඒ සියලු වාර්තා දැන් තිබෙන්නේ වර්තමාන ජනාධිපතිවරයා ළඟ. ඒ වාර්තාවක හිටපු ජනාධිපතිවරයා මීට වගකිවයුතු බව සඳහන් වෙනවා. නමුත් අප කියන්නේ ජනාධිපතිවරයා වගේම අගමැතිවරයා ප්‍රමුඛ මුළු කැබිනට් මණ්ඩලයම ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව වගකියන්න ඕනෑ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිබඳව එම වාර්තාවේ සඳහන් වුවත් එවකට සිටි අගමැතිවරයා සහ පොලිසිය බාර ඇමතිවරයා, අධිකරණය බාර ඇමතිවරයා ඇතුළු අයට චෝදනා ඉදිරිපත් කර නැහැ. චෝදනා ඉදිරිපත්කර තිබෙන්නෙත් යම් බේරීමක් සහිතව බවයි අපිට පෙන්නේ.”
More Stories
ඔනෑම මැතිවරණයකදි මාලිමාව 50% පන්නනවා!
Do Not go down the path to Suppression of Media freedoms!
රනිල්ගේ මෝඩභීමානී විශේෂ ප්‍රකාශ සහ පාර්ලිමේන්තු යන මහා හොරු!