counter hit xanga
June 26, 2022

මෛත්‍රී,සජිත් අර්බුදයක! විපක්ෂ නායකකමත් නැති වෙන පාටක්!

Last Updated on May 20, 2022 by Panduka Herath

නව කැබිනට් මණ්ඩලයේ අද දින දිව්රුම් දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා දිවුරුම් දුන්නේ පක්ෂයේ තීරණයට පටහැනිව බව හිටපු ජනාධිපති නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

” මම අද දැක්කා උදේ නව කැබිනට් මණ්ඩලයේ තවත් ඇමැතිවරු දිවුරුම් දෙනවා.එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුත් දිවුරුම් දුන්නා.මම පැහැදිලිවම කියන්න ඕනේ ඒක නෙමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය වෙලා තිබුනේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරලා තිබුණේ ඇමති ධුර බාර නොගෙන රට වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළදීත්, පිටතදීත් අවශ්‍ය සහයෝගය රජයට ලබාදීමටය.

“අපි සාකච්ඡා කරලා තිබුනේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න,නමුත් මේ රජය සර්ව සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි.අපි එහිදී යෝජනා කරල තිබුනා කරුණු ගණනාවක්,නමුත් මෙම යෝජනා අනුව නෙමේ මේ රජය කටයුතු කරන්නේ,ඉතින් අපිට පේනවා මේක සර්ව පාක්ෂිකවත් අන්තර්කාලීන ආණ්ඩුවක් වත් නෙමෙයි තිබුණු පරණ රජය විදියටම තමයි හැදෙන්නේ මේකත්.අගමැතිතුමා කරන ප්‍රකාශ සමහර වෙලාවට පොදුජන පෙරමුණේ ඇමැතිවරු මන්ත්‍රීවරු වෙනස් විදියකට ප්‍රකාශ කරනවා.මෙයින් පෙනී යනවා අගමැතිතුමා අතරත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අතරත් යම් යම් ගැටලු තිබෙන බව.ඉතින් මේ තත්ත්වයන් තුළ රට අවාසනාවන්ත තත්වයකට පත් වෙලා තියෙන්නෙ”

ශ්‍රිලනිප සභාපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අප දේශපාලන වාර්තාකරුකල විමසීමකදි ආණ්ඩුවේ අමාත්‍යධුර ලබාගත් මන්ත්‍රීවරයෙකු සදහන් කළේ ජනාධිපතිවරයාව සිටි සමයේ මෙන්ම තවමත් එකෙනෙක නොගැලපෙන කතා මෛත්‍රීපාල සිරිසේන සභාපතිවරයා විසින් සිදුකරන බවයි.

“ශ්‍රිලනීප මන්ත්‍රීවරු කියලා ජාතියක් පාර්ලිමේන්තුවේ නෑ … අපී හැමොම තරග කලේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යටතේ එහෙනම් මේ ආණ්ඩුව එක්ක වැඩ කරන එක අපිට ප්‍රශ්ණයක් නෙවේ.” “අපේ හිටපු ජනාධිපතිවරයාට තියෙන්නේ වෙන ප්‍රශ්ණයක් එතුමා බලන්නේ එක බැලන්ස් කරගන්න.”

සජිත්ගෙන් යලිත් ජනපතිට ඇමතුමක්!

මේ අතර සර්ව පාක්ෂික රජයේ අමාත්‍යධුර ගත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කළ බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සදහන් කර තිබේ.පක්ෂයේ තීරණයට පිටුපා ආණ්ඩුවට එක්ව අමාත්‍යධුර භාර ගැනීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ට එරෙහිව මෙම පියවර ගත් බවතයි මහලේකම්වරයා සදහන් කළේ.

කෙසේවෙතත් සමගි ජන බලවේගයේ ප්‍රබලයෙකු සදහන් කලේ සජිත් ප්‍රේමදාස සිය විපක්ෂ නායකම රැක ගැනිම සදහා ආන්ඩුවට සහය දිමට බියෙන් පසුවන බවයි. මිට දින දෙකකට පමණ පෙරත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුරකතන අමතා තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවත් ඒ හේතුවෙන් අගමැතිකම තමන්ට ලබාදෙන ලෙසත් ඉල්ලීමක් කල බවයි. එවන් තත්ත්වයක් යටතේ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් වික්‍රමසිංහ ආණ්ඩුව සමග එක්ව ඇමතිකම් ලබා ගැනිම ගැටලුවක් නොවන බවයි සමගි ජන බලවේගයේ ප්‍රබලයා සදහන් කළේ.

“මේ විදියට පක්ෂ රැකගන්න විතරක් කටයුතු කරලා වැඩක් නෑ….. අපි රටේ මිනිස්සු ගැන හිතන්න ඔනේ…. ඇමතිකම,විපක්ෂ නායකකම හරි ඊළගට පාර්ලිමේන්තුවට යන්න පුලුවන්ද කියලා හිතන එක නෙවේ.”

“කොහොම උනත් මේ යන විදියට සජිත් මහත්තයාට විපක්ෂ නායකකමත් නැති වෙන පාටක් තියෙන්නේ”