counter hit xanga
October 26, 2021

මෛත්‍රී,චතුරිකා, ජලනිගේ 56 සරණ යයි! ඩයනා ෂුවර් නෑ! අලුත් පක්ෂයකුත් හදයි!

Last Updated on May 8, 2021 by Panduka Herath

පාඨ්ලී චම්පික රණවකගෙ 43 වන සේනාංකයට පහරදිම සදහා පසුගියද සජිත් ප්‍රේමදාස මහතා ආරම්භ කල 56 වන සේනාංකය සමග හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්ව ඇති බව Ecast දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පසුගිය දා හම්බන්තොට පැවති ජන හමුවකදී ද සජිත් ප්‍රේමදාස මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ගුණවත්භාවය දැඩි ලෙස වර්ණනා කිරිමද ඊට හේතු වි තිබේ. එහිදී නව දේශපාලන සන්ධානයක් පිළිබඳව ඉඟියක් තිබූ බවට දේශපාලන ක්ෂේත්‍රය පුරා කතා බහක් ද පැතිරි ගියා.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන මහත්මිය ද ඉදිරියේදී 56 සේනාංකය සමග එකතුව ජලනි ප්‍රේමදාස ආර්යාවගේ මග පෙන්වීමෙන් දේශපාලනයට ප්‍රවිෂ්ඨවීමට එකඟතාවයක් ඇතිකරගෙන තිබේන බවද දේශපාලන වාර්තාකරු සදහන් කළා.

සජිත් -මෛත්‍රී සම්බන්ධය පසුගිය යහපාලන සමයේ ශක්තිමත් එකක්ව පැවැති අතර මහින්ද රාජපක්ෂ මහතා දින 52ක් සදහා අගමැති ලෙස පත්කිරිමට පෙර එම අවස්ථාව සජිත් ප්‍රේමදාසට ලබාදීමට අවස්ථා ගණනවක් එවකට ජනපති මෛත්‍රී කටයුතු කල බවද නොරහසකි.

56 වන සේනාංකයේ නිර්මාතෘ ලෙස කටයුතු කරනුයේ සජිත්ගේ මැතිවරණ ව්‍යාපාර දෙකහිම මාධ්‍ය අංශ මෙහෙයවා අසාර්ථක වු එරානන්ද හෙට්ටිආරච්චි නැමැතෙකු විසින් වන අතර සේනාංකයට සමගාමිව නව පක්ෂයක් බිහිකිරීමටද සජිත් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගය යන සංකල්පය ක්‍රමයෙන් යල් පැන ගොස් ඇති නිසාත් එයට සහයෝගය දුන් සුළු ජාතික පක්ෂ වෙන්ව ගොස් තනි සිංහල බෞද්ධ බලවේගයක් ලෙස සජිත් ප්‍රමුඛ පිරිස ඉතිරිව ඇති නිසාත් තව දුරටත් සමගි ජන බලවේගය යන අසාත් සාලි මහතාගේ සමගි පෙරමුණට සමාන නමක් භාවිතා කිරීම නුසුදුසු බව ආර්යා ජලනි ප්‍රේමදාස විසින් පසුගිය දා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පෙන්වා දී තිබේ.

එමෙන්ම සමගි ජන බලවේගය පිහිටුවීම සඳහා අපේ ජාතික පෙරමුණ පක්ෂය (ටෙලිෆෝන් පක්ෂය) ලබා දුන් ඩයනා ගමගේ මහත්මියට තවමත් පක්ෂයේ අයිතිය පැවතීම නිසා පක්ෂයේ නීත්‍යානුකූල පැවැත්මද අනතුරේ වැටෙන බැවින් නව වැඩසටහනක් සහ නව පක්ෂයක් ආරම්භ කිරීම සුදුසු බවයි සාකච්ඡා වි ඇත්තේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහය සහ ආශිර්වාදය ද ඉදිරියේදී ලබා ගැනීමට හැකිවන ආකාරයේ සිංහල බෞද්ධ පෙරමුණක් සෑදීම සඳහාත් ඒ සඳහා මාධ්‍ය සහ සන්නිවේදන සැලැස්මක් ආරම්භ කිරීමටත් යෝජනා කර තිබේ.ඒ අනුව ආර්යාවගේ පූර්ණ ආශිර්වාදය සහ මගපෙන්වීම ඇතිව නව වැඩසටහන 56 වන සේනාංකය නමින් ආරම්භ කර ඇති අතර එහි පලමු පියවර වශයෙන් චම්පික ඉලක්ක කර මඩ ව්‍යාපාරය ආරම්භ කර තිබේ.