Last Updated on June 18, 2021 by Desman Chathuranga
මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට දුරකතනයෙන් කතා කර “දැන් සැපද” විමසමින් තර්ජනය කල පුද්ගලයකු මොරටුමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු රත්මලාන තෙලවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වේ.
අදාළ පුද්ගලයා දුරකථන ඇමතුම් ලබා දෙමින් “දැන් සැපද” විමසමින් මරණ තර්ජනය කළ බවට මොරටුව පුරපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා මොරටුමුල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
එම ඇමතුම ලබා දුන් සැකකරුගේ දුරකතන වාර්තාවක් ලබා ගැනීමට මොරටු අධිකරණයෙන් අවසර ඉල්ලා ඒ අනුව කළ විමර්ශනවලදී එම දුරකතන වාර්තාවට අනුව සැකකරු නගරාධිපතිවරයාගේ දුරතනයට ලබා දුන් අංකය බවට තහවුරු වි තිබේ.
සැකකරු මිට පෙරද නගරාධිපතිවරයා සමග ආරවුලක් ඇති කරගත් බවට තොරතුරු අනාවරණය වි තිබේ.ඒ බොරුපන ප්‍රදේශයේ අනවසර තාප්පයක් ඉවත් කිරිමට යාමේදි ඇතිවු සිද්ධියකි.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි