Last Updated on April 30, 2021 by Panduka Herath
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හේ General Wei Fenghe ගුවන් තොටුපලේ සිට කොළඹට පැමිණෙමින් සිටින අතරතුර බොරැල්ල මංසන්ධියේ මාර්ගය වසා තිබිම හේතුවෙන් අනවශ්‍ය ලෙස කලබලකාරි තත්ත්වයක් ඇතිකල පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබේ.
අදාළ පුද්ගලයා බොරැල්ල මංසන්ධියේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිම හේතුවෙන් බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම පුද්ගලයා අනෙකුත් රියදුරන් උසි ගන්වමින් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජමාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වු අතර එම අවස්ථාවේ එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණ වීමෙන් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් සැකකරු වසර 10 ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිට මෙරට පැමිණ ඇති බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි පුද්ගලයෙක්.
අදාළ තරුණයා එම ස්ථානයේ කලබලකාරි ලෙස හැසිරෙමින් යකා නටමින් කෑ ගසමින්, අපි ඡන්දෙ දුන්නේ මෙකටද? ලැජ්ජයි ලු පාලකයෝ යන්න පාර වහනවා… යනුවෙනි. නමුත් ඔහු වසර 10ක කාලයක් ඕස්ට්‍රේලියාවේ ගතකර ඇත්නම් ඡන්දය දුන්නේ කාටද යන්න සිතා ගත හැකිය. ඔස්ට්‍රේලියාවේ නොව නිවනට ගොස් ආපසු පැමිණියද ඔබ දේශපාලන වහලෙකු නම් ඔබෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.
More Stories
තෙල් මිල ඉහළ ගිය රහස!
පොහොට්ටුවේ “කහ සෙල්ලම” ගැන සජිත් කියයි!
භුමිතෙල් රු200කින් ඉහලට! ඉන්ධන මීලත් ඉහලට!