counter hit xanga
October 21, 2021

මංගලගේ කොරෝනා ජිල්මාට්!

Last Updated on May 9, 2021 by Panduka Herath

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වොෂින්ටනයේ විශ්ව විද්‍යාලයක් කල බව කියන විමර්ශනකට අනුව ලංකාවේ කොරෝනා රෝග ව්‍යාප්තිය මේ ආකාරයටම ඉදිරියට ගියහොත් ලබන සැප්තැම්බරය වන විට කොරෝනා මරණ 20,000 කට වැඩි ප්‍රමාණයක් බලාපොරොත්තු විය හැකි බවට ප්‍රකාශයක් කර තිබේ.එම ප්‍රකාශයේම ඔහු සදහන් කර ඇත්තේ රටපුරා විධිමත් එන්නත්කරණයක් ඇරැඹුවහොත් මාස දෙක තුනක් ඇතුළත මේ තත්ත්වය පාලනය කර ගැනිමටද හැකි බවයි.කොරෝනා පාලනයේ ප්‍රගතියක් අත්කර ගැනීමට නම් මිලියන 22 ක ජනගහනයෙන් මිලියන 13කටවත් එන්නත ලබා දිය යුතුව තිබේ.න බවද ඔහු එහි සදහන් කර තිබේ.

මංගල මහතා සිය ප්‍රකාශය හරහා වොෂින්ටන වාර්තාව තහවුරු කිරිමටද උත්සහ දරා ඇති අතර ඔහු එම වාර්තාව සම්බන්ධයෙන් සදහන් කර ඇත්තේ “ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්ව විද්‍යාලය විසින් කොරෝනා වර්තමාන ගෝලීය තත්ත්වය ගැන ඉතා ගැඹුරින් සොයා බලා වාර්තාවක් නිකුත් කර ඇත.” යනුවෙනි.

සමරවීර මහතාට ඒ තරමටම වාර්තාව සම්බන්ධයෙන් විශ්වාසයක් ඇත්තේ එම වාර්තාව සදහා තොරතුරු සැපයිමට මංගල බලකාය කටයුතු කර තිබිම නිසා වන්නට ඇත. කම්පියුටර් ජිල්මාට්, රාජපක්ෂලාගේ ඩුබායි ගිණුම් වල ඇති මුදල් මිලියන ගණන් වලින් රටේ ජනතාවට පොම්ම කිරිමේ වරදට අද ගෙදරට වි ජාත්‍යන්තරයට ගතු කිම හැර සමරවිරලාට කරන්නට තරම් දෙයක්ද නැත. අනිත් අතට මංගල ගණන් හැදිමට දක්ෂයෙකි ඒ නිසාම ඔහුන්ගේ ඉලක්කය වි ඇත්තේ වසංගතය හමුවේ 20000ක් මරණයට පත්විම දැකිමය.

මංගල ගණන් හැදිමට දක්ෂයෙකු බව පෙන්වුයේ පසුගිය මහ මැතිවරණයේදිය.තමන් පරාජය වන බව ගණන් හදා දැනගත් ඔහු කුජිත විමට පෙර ඡන්ද සටනින් එලියට ගියහ.කෙසේවෙතත් මංගල සමරවීර වොෂින්ටන වාර්තාව හරහා තමන් දුර දක්න අයෙකු බව පෙන්විමට සුක්ෂමව කටයුතු කර තිබේ. එක පැත්තකින් තමන් කියන අකාරයට තවත් මාස දෙකක් යනවිට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල නිසා රට ගොඩ ගියහොත් ඒ හරහා ලැබෙන ජනප්‍රසාදයේ කොටසක් තමන්ගේ ගිණුමට එකතු කර ගැනිමය. අනිත් පැත්තෙන් වැරදිමකින් හෝ කෙලවි ගියහොත් මම කිව්වා … යනුවෙන් කියමින් ආණ්ඩුවට එරෙහි අප්‍රසාදය තමන්ගේ ගිණුමට එකතු කර ගැනිමය. සමරවිරලාගේ ඉතිහාසය පුරාවටම එය අලුත් දෙයක් නොවන බව රටේ සවිඥාණික ජනතාවට අවබෝධයක් ඇත.

“කොරෝනා පාලනයේ ප්‍රගතියක් අත් කර ගැනීමට නම් මිලියන 22 ක ජනගහනයෙන් මිලියන 13කටවත් එන්නත ලබා දිය යුතුව තිබේ.
” යනුවෙන්ද මංගල එහි රජයට අවධාරණය කර තිබේ.ප්‍රශ්ණය ඇත්තේ මේ වනවිටත් ලෝකයේ භාවිත වන ප්‍රධානතම එන්නත් වර්ග ජනතාවට දෙන මෙහෙයුම ක්‍රියාත්මක විමත් රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් එන්නත් මිලියන 13.5 ක් පමණ ගෙන්විමට කටයුතු ආරම්භ වි ඇති බවත් මංගලා නොදන්නවා විය නොහැක. ඒ මංගලලාගේ හැටිය. මංගලගේ මේම ප්‍රකාශයත්,වොෂින්ටනයේ සංඛ්‍යා දත්ත ලංකාවේ ලොක් ඩවුන් ඉල්ලා කෑ ගසන කණ්ඩායම් වලට මෙන්ම මාධ්‍ය වලට ගිරවුන් මෙන් වොයිස් කට් දෙන අයටද ඉනිමං වනු නිසැකය.

නමුත් ආණ්ඩුවත්,ජනාධිපතිවරයාත් එම ප්‍රකාශ දෙස අවධානයෙන් බැලිය යුතුය. මන්ද එක් පැත්තකින් අදාළ ප්‍රකාශ හරහා වසංගතය පිටුදැකීමට කටයුතු කරන කණ්ඩායම් මානසිකව භියට පත්විමට හැකිය.ඒ නිසාම ඔහුන් මානසිකව ඇද වැටිමට හැකියාව ඇත.

ඇදන් රැල්ල!

වහාම වෛරසය සහිතව සිටින පුද්ගලයන් වෙනම ස්ථානවල රැදවිය යුතුය.ඒ සදහා දිස්ත්‍රික් මට්ටමින් ස්ථාන ඉදිවෙමින් තිබේ.ඊට අදාළ ඇදන් රැල්ලක්ද මේ වනවිට සැදෙමින් තිබෙ. විපක්ෂයට නම් එය විහිලුවකි.මන්ද ඔහුන්ගෙ ඔලුවල ඇත්තේ ICU ඇදන් ය.නමුත් මේ හදන්නේ නිරෝධායනය විමට අවශ්‍ය ඇදන් ය.ඒ නිසාම පැය 24න් ඇදන් 10000ක ව්‍යාපෘතිය ජනතාවගේ අතින් සිදුකෙරේමින් තිබේ.

අනිත් පැත්තෙන් හමුදාව වසංගතයට මුහුණ දෙන අතරේම සීදුව ප්‍රදේශයේ විශාල රෝහලක් ඉදිකර තිබේ. යුද්ධ හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් ඉදිකරනු ලබන මෙම රොහලේ සියලුම සෞඛ්‍ය පහසුකම්වලින් සමන්විත ශ්‍රී ලංකාවේ වැඩිම ධාරිතාවයකින් යුක්ත නවීනතම රෝහලකි. නමුත් විපක්ෂයට ඇති ප්‍රශ්ණය එම රෝහලේ කටයුතු නිරික්ෂණයට හමුදාපතිගේ බිරිද යන්නේ ඇයිද යන්නය.ඇය සේවා වනිතා ඒකකයේ සභාපතිනියයි ඒ නිසා ඇය එම නිරික්ෂණ සදහා සහභාගි වන බව දැන දැනම විපක්ෂය අසත්‍ය ප්‍රචාරය කරමින් සිටි.

තව විවිධ අකාරයේ අසත්‍ය ප්‍රචාර ඉදිරි දිනවලදි අසන්නට,දකින්නට පුලුවන හරියට රාජිතගේ සයිනොෆාම් කතාව වගෙය. අවසන් වශයෙන් මේ අභියෝග සියල්ල මැද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේම් එක හරියට ප්ලේ කලයුතුව තිබේ. මන්ද අවසානයේදී සකලවිධ පරාජයන් ඇද වැටීම් හෝ ෆේල් යැයි කියන හැඳින්වීම් බැර වන්නේ ජනාධිපතිවරයාට වන බැවිනි.

-සකලබුජන් –