counter hit xanga
October 22, 2021

සහරාන්ට සහය දුන් විවාහ රෙජිස්ටාර්වරයකු අල්ලයි!

Last Updated on May 31, 2021 by Panduka Herath

පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම් ගේ අන්තවාදයට ආධාර අනුබල ලබාදිම සහ රැකවරණය ලබාදිම සම්බන්ධයෙන් චෝදනා ලද ඔලුවිල් ප්‍රදෙශයේ 55 හැවිරිදි විවාහ රෙජිස්ටාර්වරයකු ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු මූලධර්මවාදය ව්‍යාප්ත කිරීම සදහාද කටයුතු කර තිබේන බව අනාවරණය වි තිබෙ.

2017 වසරේ දී සහරාන් ඇතුළු පස් දෙනකු කාත්තන්කුඩි අලියාර් ප්‍රදේශයේ ඔවුන්ගේ මතයට එරෙහි පිරිසක් සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර පසුව 5 දෙනෙකුගෙන් යුත් සහරාන් කල්ලිය ඔලුවිල් ප්‍රදේශයේ විවාහ රෙජිස්ටාර්වරයකුගේ නිවසේ සැඟවී සිට තිබේ.

ඒ අනුව දැනුවත්ව මෙම විවාහ රෙජිස්ටාර්වරයා සහරාන් ඇතලු සැකකරුවන් පස් දෙනා ඔහුගේ නිවසේ රඳවාගෙන අන්තවාදය සඳහා ආධාර අනුබල ලබා දීම සිදුකර ඇති බව පොලිසිය සදහන් කළේ.

සැඟව සිටි සැකකරුවන් පස් දෙනාගෙන් දෙදෙනෙකු මවුලවීවරුන් වන අතර ඔවුන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශය රඳවාගෙන ප්‍රශ්න කරන අතර සෙසු තිදෙනා පාස්කු ප්‍රහාරයේ බෝම්බ කරුවන් සමග කටයුතු කල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

අත්අඩංගුවට ගත් රෙජිස්ටාර් මඩකලපුව ත්‍රස්ත ක්‍රියා අනු කොට්ඨාසයේ රඳවා සිටින අතර ඔහු කොළඹට රැගෙන ඒමට නියමිතයි.