Last Updated on June 4, 2021 by Panduka Herath
ගෙවුනු පැය 24 කාලය තුල ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි දැවැන්ත Cyber attack (සයිබර්) ප්‍රහාරයකට ලක්ව තිබේන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කරනවා.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කරන්නේ රාජ්‍ය වෙබ් අඩවි ඉලක්ක කරගෙන මෙවැනි සයිබර් ප්‍රහාර එල්ලවිය හැකි බව කල්තියා පෙන්වා දුන් නමුත් ඒ සම්බන්ධයෙන් රජයෙහි අවධානය යොමු නොවීම මත මෙම තත්වය උදාවී ඇති බවයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය වන www.mahindarajapaksa.lk යන වෙබ් ලිපිනය පසුගිය 2 වනදා සයිබර් ප්‍රහාරයක් එල්ලවු අතර පසුව එම වෙබ් අඩවිය යතාතත්වයට පත් කරලීමට කටයුතු කර තිබුනත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය තවමත් අනාරක්ෂිත තත්වයේ පවතින බවද් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණයන්ට හසූව තිබේ.
එම සංගමයට සදහන් කර ඇත්තේ පාසල් සිසුවෙකුට පවා අග්‍රාමාත්‍ය වරයාගේ වෙබ් අඩවියට ඉතා පහසුවෙන් පිවිස සයිබර් ප්‍රහාරයක් සිදුකිරීමේ හැකියාව පවතින බවයි.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියන්නේ බොරු!
ජනපති කාර්යාලයේ වෙබ් පිටුව ඇතුළු තවත් රාජ්‍ය ආයතන වෙබ් පිටු කිහිපයකට සයිබර් ප්‍ර හාරයක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කරන ප්‍රකාශ අසත්‍ය බව ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.ඒ අනුව ව්‍යාජ තොරතුර බෙදාහරිනු ලැබූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නැමැත්තාව ශ්‍රී ලංකා පොලිසියේ පරිඝනක අපරාධ ඒකකයට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
[url=http://cheapdrugs.store/#]best ed treatment pills[/url]
buy clomid where to buy cheap clomid online clomid for sale canada