Last Updated on June 6, 2021 by Panduka Herath
අමෙරිකාවේ කැලිෆෝනියා රෝහල් සේවා උපකාර පදනමෙන් (Hospital Services Support Foundation (HSSF))කොළඹ මහ රෝහලේ රෝහල් සේවා මණ්ඩලයට ලැබුණු වෛද්‍ය උපකරණ තොගයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (06) දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් හයක් සඳහා ප්රදානය කළා.
රුහුණු කරළිය සංවිධානයේ ඉල්ලීමක් අනුව ලැබුණු මෙම වෛද්‍ය උපකරණ තොගය තංගල්ල පුරාණ කුඩා වනවාස විහාරස්ථානයේ දී තංගල්ල සහ වලස්මුල්ල මූලික රෝහල් සහ අම්බලන්තොට, වීරකැටිය, කටුවන සහ සූරියවැව දිස්ත්‍රික් රෝහල් සඳහා මෙලෙස බෙදා දුන්නේය. දිවයින පුරා රෝහල් 150කට පමණ මෙම පදනම විසින් මෙයට පෙර ද අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා ද්‍රව්‍ය පරිත්‍යාග කර තිබීම විශේෂත්වයකි.
කොළඹ මහ රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්යක්ෂ පූජ්‍ය රජවැල්ලේ සුභූති නාහිමි, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරි නාහිමි, තංගල්ල පුරාණ කුඩා වනවාස විහාරයේ විහාරාධිකාරී මන්ඩාඩුවේ ධීරානන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කළහ.
මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී සුමනසේකර, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය දීපිකා පටබැඳිගේ, තංගල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසිංහ, රුහුණු කරළිය සභාපති, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් නිශාන්ත ජයසිංහ, ජ්‍යෙෂ්ඨ උප සභාපති නීතිඥ විදුර වීරකෝන් මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න