counter hit xanga

UNPය සෞඛ්‍ය නීතිරීති වලට යටත් වෙයි! මැයි පළමුවැනිදා සිරිකොතදි හමුවෙයි.

Last Updated on April 22, 2021 by Desman Chathuranga

එක්සත් ජාතික පක්ෂ  UNP මැයි දින සැමරුම පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මැයි 1 වැනිදා පෙරවරුවේ පැවැත් විමට තිරණය කර තිබේ.

සියලු සෞඛ්‍ය නීතිරීති වලට යටත්ව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තිය සමිති වල මූලික සහභාගිත්වයෙන් මැයි දින සැමරුම පැවැත්වීමට නියමිතව ඇත්තේ

එක්සත් ජාතික පක්ෂ වෘත්තිය සමිති සමිතිවලට අමතරව එජාප තරුණ බලවේගයට ද මෙවර මැයි දිනයේ දී මුල් තැන දෙන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේන බවයි පක්ෂයේ ප්‍රබලයෙකු Ecast වෙත සදහන් කළේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ,සභාපති වජිර අබේවර්ධන මහත්වරුන් ඇතුළු එජාප නායකයන් මෙම අවස්ථාවට සහභාගී සහභාගිවීමට නියමිතයි.