counter hit xanga
March 28, 2023

අනුගාමිකයෝ පොහොට්ටුව අත්හරි!

Last Updated on November 19, 2022 by Desman Chathuranga

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාලනය යටතේ පැවැති පළාත් පාලන ආයතන ප්‍රධානින් කැදවා ආසන මට්ටමින් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කිරිමට ගත් උත්සහයන් සියල්ල, ව්‍යාර්ථ වි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පළාත් පාලන මැතිවරණය නොපවත්වා සිටිම් සදහා මේ වනවිට විවිධ ක්‍රියාමාර්ග ගැනිමට රාජපක්ෂලා, ජනපති රනිල් සමග කටයුතු කරමින් සිටියද එය අසාර්ථක විමේ ඉඩකඩ වැඩිහෙයින් මැතිවරණයක් සදහා සුදානම් විමට පොහොට්ටු නායකයන් තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රාදේශිය වශයෙන් සිටින පොහොට්ටු සංවිධායකයින්,සහ පළාත් පාලන නියෝජිතයන් කැදවිමට පොහොට්ටු නායකයන් කටයුතු කර තිබේ. කෙසේවෙතත් එම කැදවිම් අසාර්ථක වි ඇති අතර ඒ හේතුවෙන් ප්‍රතිසංවිධාන කටයුතු නතර වි තිබේන බවයි බත්තරමුල්ලේ පොහොට්ටු කාර්‍යාලයේ ප්‍රබලයෙකු සදහන් කළේ.

මේ අතර මහින්ද රාජපක්ෂ මූලික කර ගනිමින් පොහොට්ටුව නැවත නගා සිටවීම සඳහා ගෙනගිය ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති අතර ඊට හේතුව වි ඇත්තේද පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරිකයන් විශාල පිරිසක් එහි සංවිධාන කටයුතු වලින් ඉවත් විමයි.

රෝහිත අබේගුණවර්ධන මහින්දානන්ද අලුත්ගමගේ සහ සනත් නිශාන්ත යන තිදෙනා පමණක් දිස්ත්‍රික් මට්ටමේ රැස්වීම් පැවැත්වූ අතර එම රැළි අසාර්ථකවීමෙන් පසුව පොහොට්ටු පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් පවුල් පිටින් එයින් ඉවත් විමට කටයුතු කර තිබේ. කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ බැසිල්ගේ අනුගාමිකයින් දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් පැවැත්වීම මඟහරිමින් සිටින බවයි. සියල්ලටම වඩා ජනතාව හමුවේ රාජපක්ෂලා සම්බන්ධයෙන් කතා කිරිමටවත් හැකියාවක් නොමැති බවයි සංවිධායකයින් සදහන් කර ඇත්තේ.