Last Updated on April 18, 2021 by virajariyawansha
2015-2019 යහපාලන රජය සමයේ රුපියල් කෝටි 21,300ක මුදලක් වැය කරමින් කිරිපිටි කිලෝ ග්‍රෑම් කෝටි 46,100ක් ආනයනය කර තිබෙන බව පාර්ලිමේන්තුවේදි අනාවරණය වුනා.වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේ 2010 -2014 සමයේදිත් මෙරටට කිරිපිටි ආනයනය කර ඇති අතර, එම ප්‍රමාණය කිරිපිටි කිලෝ ග්‍රෑම් මිලියන 368ක් බවයි.
ඒ අනුව 2010-2014 වකවානුවට සාපේක්ෂව 2015-2019 වකවානුවේදී මෙරටට ආනයනය කරන ලද කිරිපිටි ප්‍රමාණයෙහි ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙනවා.
2010-2014 වකවානුවේදී ආනයනය කරන කිරිපිටි කිලෝවක් වෙනුවෙන් පනවා තිබූ රුපියල් 250ක බද්ද රුපියල් දෙක දක්වා අඩු කිරීමටද යහපාලන රජය කටයුතු කළ බවත් පසුගිය රජය අනුගමනය කළ මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කළ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාට සිය ස්තූතිය පිරිනමන බවත් ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා.
ආනයනය කරන කිරිපිටි සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් පවතින බවට බොහෝ දෙනා සඳහන් කරන බවත් ආනයනයන් සීමා කර දේශීය කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගනිමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍ය වරයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පශු වෛද්‍ය පීඨයේ ඇති විශේෂිත රසායනාගාරය තුළ ලෝක පරිමාණයේ ඕනෑම පර්යේෂණයක් කළ හැකි බැවින් කිරිපිටි වර්ග සහ අනෙකුත් ප්‍රශ්න ඇති දෑ මේ විශ්වවිද්‍යාලයට යොමු කර පරීක්ෂණ පවත්වන්නට හැකියාව ඇති බවද සදහන් කළා.
යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වු බුද්ධික පතිරණ මහතා ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි තුළ ෆාම් තෙල් කුඩු, ඌරු තෙල් හා ලැක්ටෝස් අඩංගු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශයන් කල අතර දැන්වීම් නැතිවේ යැයි බියෙන් රූපවාහිනී මාධ්‍ය එය සගවන බවටද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුනා.
යහපාලන රජය සමයේ කිරිපිටි මිල ඉහල යැමත් සමග ලංකාවේ මිල අඩුකර ගැනිම සදහා ආනායනික කිරිපිටි කිලෝවක් වෙනුවෙන් පනවා තිබූ රුපියල් 250ක බද්ද රුපියල් දෙක දක්වා අඩු කිරීම කටයුතු කල අතර වත්මන් ආණ්ඩුව පත්විමත් සමග සීනි මිළ පාලනය කිරිම සදහා ආනායනික සීනි මත තිබු බද්ද රුපියල් 50 සිට සත විසිපහ දක්වා අඩුකිරිමට කටයුතු කළා.
http://buystromectolon.com/ – stromectol purchase
can plaquenil cause weight gain
Vipps Pharmacy Viagra
[url=http://cheapdrugs.store/#]homepage[/url]
buy clomid 50mg online clomid tablets for sale where to buy cheap clomid online