Last Updated on June 16, 2021 by Desman Chathuranga
COVID-19 වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින ජනතාවගෙන් ණය අය කර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීම සඳහා කටයුතු කරන ලෙස මුදල් අමාත්‍ය,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදි තිබේ.
වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන් සමඟ අද (16) අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් දි තිබේ.
කොවිඩ් වසංගතය හමුවේ මෙරට ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගෙන යාම සම්බන්ධව මෙහි දී මහබැංකු නියෝජිතයෝ අගමැතිවරයාට කරුණු පැහැදිලි කර තිබේ.
එහිදි ණය මුදල් අය කර ගැනීමේ දී ණයකරුවන් මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා සුදුසු පියවර අනුගමනය කරන මෙන් අදාළ නිලධාරීන්ට අගමැතිවරයා උපදෙස් ලබා දි තිබේ.
වාරික ගෙවීමේ දී පොලිය මුලින් ගෙවීමට සිදුවීම තුළින් ණය මුදල ගෙවීමට නොහැකි වන තත්ත්වයට ණයකරුවන් පත්ව ඇති බවත් පොලිය මෙන් ම ණය මුදල ද ගෙවී යන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ණය ලබා දීමේ දී පදිංචි නිවස ඇපයට ගැනීමෙන් ණයකරුවන්ට නිවස ද අහිම වන අවස්ථා කොතෙකුත් වාර්තා වන නිසා, ඒ ගැන මානුෂීයව සලකා බලමින් එම ක්‍රමවේදය වෙනස් කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දි තිබේ.
මෙම අවස්ථාවට මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්.එම්.පී. රත්නායක, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂමන්, නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරුන් වන කේ.එම්.එම්. සිරිවර්ධන, එම්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර, සහකාර මහ බැංකු අධිපතිවරුන් වන ජේ.පී.ආර්. කරුණාරත්න, ඒ.ඒ.එම්. තාසීම්, ආර්ථික හා පර්යේෂණ අධ්යක්ෂ සී. අමරසේකර, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්යක්ෂ සමන් නානායක්කාර යන මහත්වරු එක්ව සිටියහ.
More Stories
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි
රනිල් සහ මෛත්‍රීගේ වෘත්තීය සමිති කල්ලි දෙකක් ජාතික රෝහලේදී ගැටුමක!
මාර්තු 09 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ