Last Updated on May 25, 2021 by Desman Chathuranga
මෑතක සිට, තමන්ට සහ තම පවුලේ අයට එරෙහිව යම් කණ්ඩායමක් සංවිධානාත්මකව විශාල මඩ ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විශේෂ ප්‍රකාශය සිදු කරමින් සදහන් කරයි.
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් විසින් සිදු කරන ලද විශේෂ ප්‍රකාශය . . .
මෑතක සිට, මට සහ මගේ පවුලේ අයට එරෙහිව යම් කණ්ඩායමක් සංවිධානාත්මකව විශාල මඩ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පෙනේ. මගේ පුතා වන චතුර කබ්රාල් සේවය කරන්නේ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන සමාගමේ බවත්, එම නිසා කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට මම සහාය දුන් බවත් හුවා දැක්වීමට එම කණ්ඩායම උත්සහ කරන බවද දක්නට තිබේ.
35 හැවිරිදි චතුර 2010 වසරේදී එක්සත් ජනපද විශ්ව විද්‍යාලයකින් උපාධිය ලැබූ සුදුසුකම් ලත් ඉංජිනේරුවරයෙකු වන අතර ඔහු 2016 වර්ෂයේ සිට මෙම සමාගමෙහි සේවය කර ඇත. 2016 වර්ෂයේදී, කිසිදු දේශපාලන හෝ පෞද්ගලික බලපෑමකින් තොරව ඔහු ස්වශක්තියෙන්ම මෙම රැකියාව ලබා ගත් බව අප විපක්ෂයේ සිටි බැවින්ම තහවුරු වනු ඇත.
මෙම චෝදනාවට සමානව, මීට පෙරද මගේ දරුවන් ගුවන්තොටුපලේ නිලධාරීන්ට බැණ වැදුණු බවත්, අධිවේගී මාර්ගවල වැරදි ලෙස හැසිරුණු බවත්, රණ්ඩු දබර කළ බවත් කියමින් මගේ දරුවන්ට එරෙහිව මුළුමනින්ම අසත්‍ය හා අභූත චෝදනාවන් එල්ල කර තිබුණි. නමුත් ඒවා සම්පුර්ණයෙන්ම අසත්‍ය චෝදනා බව පසුව ඔප්පු විය. එමනිසා, එවැනි ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරනු ලබන්නේ මා සහ මාගේ පවුලේ අය අපකීර්තියට පත්කිරීමට මෙන්ම මා රාජකාරි ඉටු කිරීමේදී මාගේ අවධානය වෙනතකට යොමු කිරීමටත්, මා අධෛර්යමත් කිරීමටත් වූ විශාල සැලැස්මක කොටසක් ලෙස බව පැහැදිලිය.
මෑත කාලයේ දී ශ්‍රී ලංකාවේ දේශපාලනය පිරිහී ඇති බවට කිසිදු සැකයක් නොමැති අතර යම් පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයින්ට එරෙහි පුද්ගලික පහරදීම් සහ මඩ ගැසීම් සිදු කිරීම ඇතැම් පුද්ගලයින්ට අනූව සාධාරණ සහ පිළිගත හැකි ක්‍රියාවකි. එසේ වුවද, දෙමාපියෙකු ඇමති ධුරයට පත්වීමට පෙර ඔහු/ඇය ලබාගෙන ඇති රැකියාවක නිරත වීමට වැඩිහිටි පුතෙකුට හෝ දියණියට එය නුසුදුසුකමක් නොවිය යුතු බව ඕනෑම නිවැරදි චින්තනයක් ඇති පුද්ගලයෙක් එකඟ වනු ඇත.
අවසාන වශයෙන්, මෙම මඩ ගැසීමේ ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයින් ඔවුන්ගේ දේශපාලන බංකොලොත් භාවය විදහා දක්වන බවත්, එබැවින් මට ඔවුන් ගැන ඇත්තේ කණගාටුවක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.
More Stories
ඔනෑම මැතිවරණයකදි මාලිමාව 50% පන්නනවා!
Do Not go down the path to Suppression of Media freedoms!
රනිල්ගේ මෝඩභීමානී විශේෂ ප්‍රකාශ සහ පාර්ලිමේන්තු යන මහා හොරු!