Last Updated on July 2, 2021 by Panduka Herath
වර්තමානයේදී කැබිනට් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රබර් මුද්‍රා බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අද (1) අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ රට තුළ පවතින අර්බුදය තේරුම් නොගෙන ඇමතිකම් බෙදාගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි බවයි.
කවුරු පාර්ලිමේන්තු ආවත් කවුරු ඇමති වුණත් ප්‍රශ්න එසේම තිබෙන බව ද පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරයකු නොවුවත් පසුගිය කාලයේ ඇමතිවරයකුට වඩා බලතල තිබූ නායකයෙක් බවට පත්වී සිටි බවද මතක් කළා.
“බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඒම ප්‍රශ්නයක් නොවේ.. නමුත් ඔහු ආවා කියා ගැටලු විසඳෙන්නේ නෑ …”
“වර්තමානයේ පවතින ප්‍රශ්න ඇතිවුයේ බැසිල් රාජපක්ෂ මහතාත් සිටි ආණ්ඩුවක් තුළයි ..
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රබර් මුද්‍රා බවට පත්ව ඇති බවත් කැබිනට් ඇමතිවරුන්ටත් ඒ තත්වය උද්ගතව ඇති බවද දයාසිරි ජයසේකර මහතා සදහන් කර සිටියා.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න