Last Updated on May 20, 2021 by Panduka Herath
සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවය කරන නිළධාරින්,විවිධ කණ්ඩායම් වශයෙන් සහ පුද්ගලිකව වශයෙන් නිවැරදි නොවන දත්ත මත පිහිටා සෞඛ්‍ය ප්‍රතිපත්ති විවේචනය කිරිම හරහා සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් ජනතාව තුල ඇති විශ්වාසය ආරක්ෂා කර ගැනිමට බාධාවක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
රේඛිය අමාත්‍යාංශය යටතෙ සහ පළාත් සභා සේවය යටතේ සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවය කරන නිළධාරින්,විවිධ කණ්ඩායම් වශයෙන් සහ පුද්ගලිකව නිවැරදි නොවන තොරතුරු මත පදනම්ව සෞඛ්‍ය තොරතුරු හා දත්ත මාධ්‍ය ඉදිරියේ ඉදිරිපත් කරමින් සෞඛ්‍ය ප්‍රතිපත්ති විවේචනය කිරිමේ ප්රවනතාවක් දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය S.H මුණසිංහ මහතා පෙන්වා දෙන්නේ.
ඒ අනුව පළාත් සෞඛ්‍ය ලේකම්වරුන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ සියලුම දෙනාට ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේන නියෝගයකට අනුව ජනමාධ්‍ය සදහා ප්‍රකාශ නිකුත් කිරිම ආයතන සංග්‍රහයේ විධිවිධාන වලට එකඟ විය යුතු බවත් එය කඩකරන්නට එරෙහිව ආයතන සංග්‍රාහයේ විධිවිධාන වලට අනුව අනුව වින්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී තිබේ.

https://buystromectolon.com/ – stromectol otc
Priligy
[url=http://cheapdrugs.store/#]ed causes and treatment[/url]
stromectol pills for humans prescribing stromectol stromectol for sale