counter hit xanga
October 18, 2021

කොරෝනා වෙනුවෙන් රජය යෙදවු මුදල බිලියන 138ක්

Money spent by the government on Corona lankaecast

Last Updated on May 18, 2021 by Panduka Herath

කොරෝනා මර්දණය සම්බන්ධයෙන් රජය මේ දක්වා වියදම් කල මුදල රුපියල් බිලියන 138ක් ඉක්මවා වියදම් කර තිබේන බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කළා. කොරෝනා මර්දණය කිරිම සදහා මොනතරම් මුදල් වියදම් කලද රටේ ආර්ථික ස්ථාවරතාව පවත්වා ගැනිමට කටයුතු කල බවද අමාත්‍යවරයා සදහන් කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනවශ්‍ය ප්‍රශ්ණ රැසක් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කල අතර එම ප්‍රශ්ණ සදහා වෙනම අවස්ථාවක පිළිතුරු දිමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුව හමුවේ සදහන් කළා.

පසුව සභාව අමතමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කළේ 2021 වසර සදහා බිලියන 41.9 කොරෝනා මර්දණයට මුහුණ දිම සදහා වැයකර තිබේන බවයි.