counter hit xanga

මොරටුව නගරාධිපතිට ඇප දෙයි!

Last Updated on June 11, 2021 by Desman Chathuranga

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බැණ තර්ජනය කළ බවටචෝදනාව මත බන්ධනාගාර ගතව සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු රුපියල් 20,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ දෙක බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගො මහතා නියම කර සිටියා.නඩුව සැප්තැම්බර් 3 වැනි දා නැවත කැඳවන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

පසුගිය 27 වැනිදා මොරටුමුල්ල ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහන අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඊට පසුදින පොලිසියට භාර වු නගරාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව 11 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස මොරටුව වැඩ බලන මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා නියෝග කළා.