Last Updated on May 28, 2021 by Desman Chathuranga
මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ජුනි මස 11 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස මොරටුව වැඩ බලන මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා නියෝග කළා.
මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා අද උදෑසන පොලිසියට භාර විමෙන් පසුව අත්අඩංගුවට ගත් අතර ඒ, ඊයේ මොරටුමුල්ල ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහන අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මතයි.මේ සම්බන්ධයෙන් අදාළ වෛද්‍ය නිලධාරින් විසින් පොලීසියට පැමිණිලි කළ අතර, ඒ අනුවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වුණේ.
ඊයේ එන්නත්කරණ වැඩසටහන අතරතුර උණුසුම් තත්වයක් ඇතිවූයේ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු විසින් යොමු කරනු ලැබූ පිරිසකට එන්නත් ලබාදීමට ප්‍රමුඛත්වය ලබාදිය නොහැකි බවට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ප්‍රකාශ කිරීමත් සමඟයි.
අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපතිවරයා මේ වනවිට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි මස 11 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?