counter hit xanga
January 24, 2022

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් අද අගමැති සමග සාකච්ඡාවක! විනය පියවර ගැනත් අවධානය.

Last Updated on April 19, 2021 by Panduka Herath

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රුස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 6.30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්විමට නියමිත බව ecast දේශපාලන වාර්තාකරු සදහන් කළා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදකාරි තත්ත්වය සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරිමට නියමිතයි.

මේ අතර ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන කණ්ඩායම් සහ පුද්ගලයන් සම්බන්ධයෙන් විනය පියවර වහාම ගන්නා ලෙසට අද පැවැත්වෙන ආණඩු පක්ෂ රුස්වීමේදී යෝජනාවක් ඉදිරිපත් කිරිමටද මැති ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටි.