Last Updated on May 13, 2021 by Desman Chathuranga
සංවර්ධන කාර්යයන් සදහා විදෙස් රටවල් සමග ගිවිසුම්ගත වූ මුදල් වෙනත් කාර්යයන් සදහා යොදාගත් නොහැකි බව විපක්ෂනායකවරයාට නොතේරෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.
ඈතැම් සංවර්ධන කටයුතු සදහා වෙන්කර තිබේන මුදල් කොරෝනා මර්දනය සදහා යොදාගන්නා ලෙසට මාධ්‍ය හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කල ප්‍රකාශයන්ට මාධ්‍ය හමුවේ පිලිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව අලුතින් රුසියානු හෙලිකොප්ටර් මිලට ගැනීමට යන්නේ ශ්‍රී ලංකා රුසියානු යුද උපකරණ ණය ගිවිසුම යටතේ බවත්, ඒ වෙනුවට කොවිඩ් ආධාර ලබාගැනීමේ හැකියාවක් නැති බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක දුෂාන් විජේසිංහ මහතාද පසුගියදා සජිත්ගේ ප්‍රකාශ වලට ප්‍රතිචාර දක්වමින් කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,
ලෝකයේ පවතින කොරෝනා වසංගතය හමුවේ වුවද අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටුකරලීම සදහා කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් රටේ සංවර්ධන කාර්යයන් ඉදිරියට ගෙන යන ලෙස ජනාධිපතිතුමා අපට උපදෙස් දීලා තියෙනවා.
අපි විදෙස් රටවල් සමග ගිවිසුම් ගත වෙලා තියෙන සංවර්ධන කාර්යයන් නතර කළහොත් අපිට සිදුවෙනවා අදාළ කොන්ත්‍රාත් සමාගම්වලට වැඩිපුර ගෙවන්න. එහෙම ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල්. ඒනිසා තමා පවතින තත්ත්තවය හමුවේ වුවත් ප්‍රමාදයකින් තොරව සංවර්ධන කාර්යයන් ගිවිසුම්ගත වෙලා තියෙන විදියට ඉදිරියට කරගෙන යන්නෙ.
විපක්ෂනායකතුමා කියනවා සංවර්ධන කාර්යයන්ට තියෙන මුදල් කොරෝනා වසංගතයට යොදවන්න කියලා. එහෙම ගිවිසුම්ගත වුන මුදල් එහෙම වෙනත් කාර්යයකට යොදවන්න බැහැ කියලවත් එතුමාට තේරෙන්නේ නැහැ. රජය විසින් මිලදී ගැනීමට යන හෙලිකොප්ටර් සදහා වන මුදල් කොරෝනා වසංගතය වෙනුවෙන් යොදවන්න බැහැ. ගුවන් හමුදාපතිතුමා පැහැදිලිව කියනවා රුසියානු ණය ආධාර යෝජනා යටතේ ඒවා මිලදී අරගෙන එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට ඒවා එක් වෙනවා කියලා.
මාර්ග සංවර්ධනයට හෝ වෙනත් සංවර්ධන කාර්යයකට වෙන් කරලා තියෙන, විවිධ රටවල් සමග ගිවිසුම්ගත වෙච්ච මුදල් වෙනත් කටයුත්තකට යොදවන්න බැහැ කියන එකවත් දන්නෙ නැතිව විපක්ෂනායකතුමා කටයුතු කරනවා. මධ්‍යම අධිවේගයේ ගහ නිසා අවුරුදු දෙකක් ප්‍රමාද වෙනවා කියන්නේ අපිට වැඩිපුර මිලියන 4,000 ක් විතර ගෙවන්න සිදුවෙනවා. මේ ජනතාවගේ සල්ලි. අපි ජනතාවගේ බදු මුදල් ආරක්ෂාකරගෙන යන්න පුලුවන් ක්‍රියාමාර්ගයකට තමා ගමන් කරන්නේ.
කොරෝනා වසංගතය පාලනය කිරීම ගැන කතා කරනකොට අපිට මොන චෝදනා එල්ල කළත් පළවෙනි හා දෙවැනි රැල්ල පාලනය කිරීමට කටයුතු කළා. ලෝකයේ අනෙකුත් රටවල් එක්ක බලනකොට අපි හොද තැනක හිටියා. තෙවැනි රැල්ල අසීරු වුනත් රජයක් විදියට අපි එය පාලනය කිරීමට සියලු කටයුතු සිදු කරනවා. ඒ වගේම මේ සදහා මිලියන 22 ක් වූ ජනතාවගේ සහායෝගය අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සදහන් කළේය.
More Stories
ඔනෑම මැතිවරණයකදි මාලිමාව 50% පන්නනවා!
Do Not go down the path to Suppression of Media freedoms!
රනිල්ගේ මෝඩභීමානී විශේෂ ප්‍රකාශ සහ පාර්ලිමේන්තු යන මහා හොරු!