Last Updated on May 30, 2021 by Panduka Herath
වරාය නගර පනතට ඡන්දය භාවිතා කිරිමට නොපැමිණී මන්ත්‍රීවරුන් අතර ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වන විදුර වික්‍රමනායක මහතාද සිටියේ නෑ. ආණ්ඩුවේ වැඩ නිරන්තරයෙන් විවේචනය කරන් විදුර අවසාන මොහොතේ සැගවිමට දක්ෂයෙකු බව නොරහසකි.
කෙසේ වෙතත් විදුර වික්‍රමනායක මහතා අසනීප තත්ත්වයක් යැයි දන්වමින් ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ රුඳී නොසිටි අතර පොදුජන පෙරමුණද සඳහන් කර තිබුණේ විදුර වික්‍රමනායක අසනීප තත්ත්වයක් නිසාවෙන් මෙම අවස්ථාවට සහභාගී නොවූ බවයි.රාජ්‍ය අමාත්‍යවරයෙකු ජාතික වැදගත්කමකින් යුත් පනතක් වෙනුවෙන් ඡන්දය භාවිතා කිරිමට නොපැමිණීම ගැන විනය ක්‍රියාමාර්ග ගත යුතුය.එය පක්ෂයේ වගකිමකි.
නමුත් වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට ඡන්දය ලබා නොදීමට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කටයුතු කිරීම අගය කරමින් ඔහුගේ මැතිවරණ කොට්ඨාසය වූ හොරණ ප්‍රාදේශීය සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබේ.ප්‍රාදේශීය සභාව තුළට ගෙන ආ යෝජනාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු විසින් රුගෙන එනු ලැබීම සහ පසුව ඊට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සහාය දැක්වීමට කටයුතු කර තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.
ඒ අනුව වික්රමනායකලාට ඇත්තේ වීරත්වය මවා ගැනිමේ ෆෝබියාවක් බව ඉතා පැහැදිලිය.පසුගිය කාලය පුරාම විදුර කර තිබේන කතා සහ ඔහුගේ ඇතැම් ක්‍රියාකාරකම් සලකා බැලුවිට එම Phobia යාව හදුනා ගැනිම එතරම් අපහසු නැත.අනිත් අතට එය විදුරට පමණක් තිබේන ලෙඩක් නොවේය.
හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායකගේ දියණිය වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක එහෙම නැත්නම් විදුරගේ නංගිටද ඇත්තේ එම phobiaයාව මය. විවිධ මඩ වෙබ් අඩවි අල්ලාගනිමින් ජනාධිපතිවරුන්ට, ආණ්ඩුව වලට උපදෙස් දිමට සැර වචන පාවිච්චි කරන තුෂ් තමන් රත්නසිරි වික්‍රමනායකගේ දියණිය යැයි හඳුන්වනවාටත් වඩා ඇය තම ස්වාධීනත්වය, නිදහසට ප්‍රිය කරන බව ප්‍රසිද්ධියේ සදහන් කර තිබේ. රටේ පාලකයන්ට උපදෙස් දුන්නද තුෂ් තවමත් සේවය කරන්නේ එංගලන්තයේ වෛද්‍යවරියක් වශයෙනි.
-සකලබුජන්-
http://buystromectolon.com/ – Stromectol
Priligy
plaquenil cost walmart
[url=http://cheapdrugs.store/#]the best ed drug[/url]
stromectol 3 mg tablets price stromectol for sale stromectol for sale