counter hit xanga
October 22, 2021

හමුදාව අපරාධකරුවන් කරන්න හැදු මුල්ලිවයිකල් ස්මාරකය ඉවත් කරයි!

Last Updated on May 14, 2021 by Panduka Herath

මීට වසර 12 කට පෙර දසදහස් ගණනක් සමූල ඝාතනය කල බව සදහන් කරමින් මුල්ලිවයිකල් ස්මාරකය ආසන්නයේ කළු ගලකින් නිර්මාණය කරන ලද විශේෂ පණිවිඩයක් සහිත පුවරුවක් ආරක්ෂක අංශ විසින් ඉවත් කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් උතුරේ කොටි රූකඩ සහ ජාත්‍යන්තරවද කුපිතව ඇති බව වාර්තා වේ.

දෙමළ ජන සංහාරය සිහිපත් කිරීමේ සිදුවීම් සංවිධානය කරන ප්‍රාදේශීය මහජන කමිටුවක් විසින් මැයි 18 වන දින ගල නිරාවරණය කිරීමට සැලසුම් කර තිබේ.එම අවස්ථාවට උතුරේ දමිළ දේශපාලන පක්ෂ නායකයින්ගේද සහභාගි විමට නියමිතව සිට තිබේ. කොරෝනා වසංගතය හමුවේ උතුරේ දේශපාලන පක්ෂ කෙරෙහි ජාත්‍යන්තර අවධානය අඩුවෙමින් තිබියදි එය යලි වර්ධනය කර ගැනිම සදහා 18 වැනිදා විශේෂ මෙහෙයුමක් දියත් කීරිමටයි උතුරෙ දේශපාලන පක්ෂ එක්ව කටයුතු යොදා ඇත්තේ.

මේ අතර මේ සම්බන්ධයෙන් මුල්ලි වයික්කාල් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වි ඇති අතර එහි සදහන්ව ඇත්තේ

ඊයේ සවස හමුදා භට පිරිසක් එම ප්‍රදේශය වටලනු ලැබු බවත් පසුව ඊයේ රාත්‍රී 10.30 ට පමණ ප්‍රදේශයට පිවිසීමට උත්සාහ කළ මාධ්‍යවේදීන්ට සන්නද්ධ ශ්‍රී ලංකා භට පිරිස් ඇතුළු වීම වැළැක්වු අතර ප්‍රදේශයට යන මාර්ග හතරම අවහිර කර තිබු බවයි. උදේ පාන්දර හමුදාව ප්‍රවේශ වීමට අවසර දුන් විට, ඉදිකරන ලද භූමිය නටබුන් පමණක් වු බවයි එම පැමිණිල්ලෙ සදහන් කර ඇත්තේ.

මේ අතර කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී Gary Anandasangaree ස්මාරකයකට සිදුවූ හානිය හෙළා දැක තිබේ.

ඔහු සදහන් කර ඇත්තේ

May is a time of mourning and reflection for the Tamil nation who have suffered innumerable losses at Mullivaikal genocide. The destruction of the memorial & obstruction to memorialize loved ones by #Srilankan forces especially during this time is a reprehensible act.