counter hit xanga
June 27, 2022

කට්ටඬි ඝාතනයේ සුලමුල හෙළිවෙයි!

Last Updated on June 29, 2021 by Panduka Herath

කට්ටඬියකු පැහැරගෙන ගොස් ඝාතනය කර කැලණි ගඟට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික නාවික සෙබළකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.නුගේගොඩ කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබි තිබේ.

නවගමුව රනාල ප්‍රදේශයේ කැලණි ගඟේ පාවෙමින් තිබියදී හමුවු අත්පා ගැටගසන ලද පුද්ගල සිරුරක් පසුගියදා පොලිසිය විසින් සොයාගත් අතර එය හංවැල්ල ප්‍රදේශයේ කුලී නිවෙසක පදිංචිව සිටි කට්ටඬියකු වන බවත් ඔහු හල්දුම්මුල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වූ (54)වයසැති අයෙකු බවද පොලිසිය සොයාගත්තා.

පසුව පොලිසිය දියත් කල මෙහෙයුමකදි පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිට හංවැල්ල ඇඹුල්ගම නිවසකට සිටි පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් පිරිස අතර පැහැර ගන්නා අවස්ථාවේදී කට්ටඬියා සමග මංගල ඇඹුල්ගම නිවසේ සිටි අනියම් බිරිඳ සහ සැකකාර විශ්‍රාමික නාවික සෙබලාගේ ඥාති සහෝදරයකු ද සිට තිබේ.

සැකකරුවන් පැහැර ගැනීමට යොදා ගත් බව කියන යතුරුපැදිය ,හිසට පහර දීමට යොදා ගත් කුඩා කුලුගෙඩිය මෙන්ම දෑත් පිටුපසට කර බැඳ දමා තිබූ දම්වැලට දමා තිබූ ඉබි යතුර ද පොලිස් බාරයට ගෙන තිබේ.

ආරක්ෂක වැසුම් පැළඳ යතුරුපැදියකින් එම නිවසට පැමිණි සැකකරුවන් දෙදෙනා පොලිස් ,අපරාධ විමර්ශන අංශයයක නිලධාරීන් බව හඟවා යතුරු පැදිය නංවාගෙන රැගෙන ගොස් තිබේ. පසුව කඩුවෙල පාරේ විශාල පොල්වත්තකට රැගෙන ගොස් යතුරුපැදියේ සඟවාගෙන තිබූ කුළුගෙඩියෙන් ඔහුගේ හිසට පහරදී කැලණි ගඟට දමා ඔවුන් දෙදෙනා එම ස්ථානයෙන් පිට වී ගොස් ඇති බවද අනාවරණය වි තිබේ.

http://188.166.251.0/identify-the-body/?swcfpc=1