Last Updated on September 20, 2022 by Desman Chathuranga
මුතුරාජවෙල පර්යන්ථයේ ඉන්ධන තොග නොමැති යැයි ඉතාමත් විශ්වාසදායක ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබි තිබේ. ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නොලැබීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති අතර ඉදිරියෙදි මෙම තත්ත්වය තවත් දරුණු වන බවයි වාර්තා වන්නේ.
ඛනිජ තෙල් සංස්ථාව නිකුත් කිරීමට ලැයිස්තුගත කර තිබූ ඉන්ධන තොග 500 කින් අඩකටත් අඩු සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවත් කොළොන්නාව පර්යන්ථයෙන් ඉන්ධන බෙදාහැරීම ප්‍රමාද බවත් වාර්තා වේ.
ඉන්ධන තොග නොමැතිවීමෙන් මුතුරාජවෙල පර්යන්ථය වසා දමා ඇති අතර එහි සේවකයන් දෛනිකව සේවයට පැමිණ පස්වරුවේ පිටත්ව යන තත්ත්වයක් උදා වී තිබේ.
මේ අතර විදුලි ජනනයට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම නිසා හෙට (20) සහ අනිද්දා (21) දෙදිනේම විදුලි කප්පාදුව පතව් විනාඩි 20කින් වැඩික රන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.ඒ අනුව හෙට සහ අනිද්දා දෙදිනේම පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.
රුසියානු ඉන්ධන මිලදී ගැනීම සඳහා ණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් රුසියාව සමඟ දිගටම සාකච්ඡා පවත්වා ගෙන යන බව ප්‍රවාහන හා මහාමාර්ග ඇමති සහ ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන රුසියාවේ ස්පුට්නික් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුනා.
රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට සහ රටේ පවතින ඉන්ධන අර්බුදයට සහනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ණයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලා සිටි බවද ඇමති බන්දුල ගුණවර්ධන එහිදී ප්‍රකාශ කර ඇත.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?