Last Updated on April 29, 2021 by Desman Chathuranga
‘N JOY’ වෙළෙඳ නාමය යටතේ වෙළෙඳපොළේ ඇති පොල්තෙල්වල පිළිකා කාරක ඇෆ්ලොටොක්සීන් – Aflatoxin ඇති බව කළ පරීක්ෂණවලදී ඊයේ (28) අනාවරණය වී තිබේ. ඒ අනුව මෙම නාමය යටතේ දැනට වෙළෙඳපොළට නිකුත් කර ඇති සියලුම පොල්තෙල් යළි ගෙන්වා ගන්නා ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමාගමට දැනුම් දී තිබේ.
‘N JOY’ නාමය යටතේ වෙළෙඳපොළේ අලෙවි කරන පොල්තෙල් බෝතල් සාම්පල මෙන්ම එම සමාගමේ ගබඩා සංකීර්ණයේ ගබඩාවලින් ලබාගත් සාම්පල හා වෙළෙඳපොළට යොමු කිරීමට සූදානම් කර තිබූ පොල්තෙල් බෝතල් සාම්පල ලබාගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාල පරීක්ෂණාගාරයකදී පරීක්ෂාවට ලක්කර තිබේ. එම පරීක්ෂාවේදී පිළිකාකාරක ඇල්ෆොටොක්සීන් ඇති බව හඳුනාගෙන ඇත.
මේ ආකාරයටම තවත් සාම්පල ලබාගෙන කාර්මික තාක්ෂණ ආයතනයේ පර්‌යේෂණාගාරයේදී පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී ද ඇෆ්ලොටොක්සීන් ඇති බව දෙවන වරටත් තහවුරු වී තිබේ.
තවද සමාගමේ ග්‍රෑන්ඩ්පාස් පිහිටි ගබඩා සංකීර්ණයට ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මුද්‍රා තබා තිබේන අතර ‘N JOY’ වෙළෙඳ නාමය යටතේ නිෂ්පාදනය කරන පොල්තෙල් දේශීය වශයෙන් කොප්පරා ලබාගෙන නිෂ්පාදනය කරන බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් මත දිවයින පුරා අලෙවි කරන පොල්තෙල් සාම්පල පරීක්ෂා කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අඛණ්ඩව සිදුකරනු ලබයි.
[url=http://cheapdrugs.store/#]errectile disfunction[/url]
sildenafil 20 mg viagra pills sildenafil 20 mg
lowest price tadalafil best price for daily cialis tadalafil
https://gabapentin.icu/# neurontin 100mg tab
https://cipro.best/# п»їcipro generic
https://diflucan.icu/# where to buy diflucan in uk