counter hit xanga
October 22, 2021

ගෝඨාභයට නාමයෝජනා දුන් නිසා දේශප්‍රියට නඩු දමයි!

Last Updated on June 4, 2021 by Panduka Herath

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාට එරෙහිව දුෂණ අපරාධ නීතිය මත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සිය Facebook පිටුවේ සටහනක් තබමින් කියා සිටි.

ජනාධිපති මැතිවරණයට නාමයෝජනා දෙන අවස්ථාවේදී තව දුරටත් ඇමරිකානු ජාතිකයකු වූ එවකට ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට , ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමේ සහතිකයක් නොමැතිව ඒ වෙනුවට තමන් සියලුම සුදුසුකම් සපුරා ඇති බවට ඉදිරිපත් කරන ලද ව්‍යාජ දිවුරුම් පෙත්සමක් භාරගෙන ඔහුට නාමයෝජනා භාරදීමට අවසර දිමට එරෙහිව මෙම නඩුව පවරණ බව එහි සටහන්ව තිබේ.

කිසිම අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමේ සහතිකය ඉදිරිපත් නොකළ බවත්, ඔහුගේ සුදුසුකම ඔප්පු නොකළ බවත්, හිටපු සභාපති මහින්ද දේශප්‍රිය නාගානන්ද හමුවේ කොන්දේසි රහිතව පිළිගත් බවද එහි සදහන් වේ. එය මැතිවරණ කොමිසමේ සාමාජිකයකුව ක්‍රියාකළ රත්නජිවම් හුල් මහතාද දිවුරුම් ප්‍රකාශයකින් තහවුරු කළ බවයි එහි දක්වා ඇත්තේ.

ඇමරිකානු පුරවැසිභාවය දැරීමේ නුසුදුසුකම මත ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නාමයෝජනාව ඔහු නාමයෝජනා භාරදෙන අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කිරීමේ වගකීම පැවරී තිබුනේ කොමිසමේ සභාපතිවරයාට බව පෙන්වා දෙනා නාගානන්ද පසුව තමන් ඒ පිලිබඳ වගකීම නොදැන සිටි බව දේශප්‍රිය මහතා තමන්ට දැනුම් දුන් බවද සටහන් කර තිබේ.

හිටපු සභාපතිවරයාගේ ප්‍රකාශය කිසිසේත්ම පිළිගත නොහැකි සාවද්‍ය ප්‍රකාශයක් බවත් ඔහු දැන් උත්සාහ කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ නාමයෝජනාවට විරෝධතා ගොනු නොකළ අනෙක් අපේක්ෂකයින් 34 දෙනා මත වරද පටවා වගකීමෙන් නිදහස් වීමට බවද එම සටහනේ දැක්වේ.එහෙයින් ලබන සතිය තුල ඔහුට එරෙහිව දුෂණ අපරාධ නීතිය මත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරෙනු ඇති බවද එහි සදහන්.