counter hit xanga
March 26, 2023

LTTE යට කඩේ ගිය නවනීදන් පිල්ලේ අත් අඩංගුවට!

Last Updated on May 3, 2021 by Desman Chathuranga

LTTE සංවිධානය ප්‍රවර්ධනය කළ පුද්ගලයෙකු එරාවුර් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ සැකකරු, අන්තර්ජාලය හරහා එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේන බවයි.

56 හැවිරිදි වියේ පසුවන සැකකරු, එරාවුර් පොලිස් වසමේ චෙන්කලඩි ප්‍රදේශයේ පදිංචි නවනීදන් පිල්ලේ මෝහන් හෙවත් “තියටර් මෝහන්” නැමති පුද්ගලයෙකු වේ.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබුණු දුරකතනයක් සහ තවත් සන්නිවේදන උපකරණයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුට එරෙහිව විවිධ පොලිස් ස්ථානවල නඩු 14ක් පමණ ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව, සැකකරු රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.