Last Updated on June 17, 2021 by Panduka Herath
සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක ලෙස පත්වු නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදසේ මත මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් සභාපතිවරයා ඉවත් කිරිමට කටයුතු කර තිබේ.
පසුව මාධ්‍යය හමුවක් පවත්වමින් හිටපු සභාපතිවරයා සදහන් කර ඇත්තේ තමුන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගැන ලැජ්ජා වන බවයි.
“මාගේ පිය සහ ඥාතින් සිව් දෙනෙක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජිවිත පුද කරලා තියෙනවා.”
“මම 2002 දි උසස්පෙල විභාගයට පෙනි සිටියදි තමයි එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ආසන යොවුන් පෙරමුණට බැදිලා දේශපාලනය ආරම්භ කලේ.”
“පසුගිය මහ මැතිවරණයෙන් කිසිදු ආසනයක් ලබා ගැනිමට නොහැකිව, ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයා ලෙස ගැසට් එකක් ගහගෙන යනවා.මේ පොඩි නගරයක් පාලනය කරන මාව ගැසට් එකක් ගහලා එතුමා ඉවත් කරලා තියෙනවා.”
“මම අහන්න කැමති රනිල් වික්‍රමසිංහ කොට් එකක් ඇදගෙනද පාර්ලිමේන්තු යන්නේ කියලා. වැස්ස වෙලාවට එලියට බහින්න එපා අකුණු වදි. මාව සභාපති ධුරයෙන් අයින් කලත් , එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ කුමන්ත්‍රණය සහ ආණ්ඩු පක්ෂයට ඕනි වෙලා තියෙන්නේ මේ නගර සභාවේ බලය. මම අයින් වුනත් මේ නගර සභාවේ උප සභාපතිවරයා සභාපතිවරයා ලෙස මම පත් කරනවා.”
More Stories
රනිල්ගේ නිසරූ උත්සහය ගැන NPP කියයි!
මෛත්‍රී,සජිත් අර්බුදයක! විපක්ෂ නායකකමත් නැති වෙන පාටක්!
ණය සහන දෙන්න G7 පෙරට එයි! ජපානයෙන් ඩොලර් මිලියන 1.5 ක්!