counter hit xanga
October 26, 2021

කිසිවිටක ශ්‍රි ලංකාව මඟහැර ගියේ නෑ!

Last Updated on June 11, 2021 by Panduka Herath

ශ්‍රී ලංකාවට උදව් අවශ්‍ය වූ විට චීනය කිසි විටෙකත් මගහැර නොගිය බව ශ්‍රී ලංකාවේ චීන තානිපති Qi Zhenhong (චී චෙන්හොං) මහතා පවසයි.පොළොන්නරුවේ ඉදිකෙරුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද (11) ජනතා අයිතියට පත්කිරිමේ අවස්ථාවට එක්වෙමින් තානාපතිවරය සදහන් කළේ ගත වූ වසර 64 දෙස ආපසු හැරී බලන විට චීනය සැමවිටම ශ්‍රී ලංකාවට සමානාත්වයෙන්, අවංකත්ව‍යෙන් සහ අන්‍යෝන්‍ය විශ්වාසයෙන් යුතුව සලකා ඇති බවයි.

ශ්‍රී ලංකාවට උදව් අවශ්‍ය වූ විට චීනය කිසි විටෙකත් මගහැර නොගිය බව අවධාරණය කල තානාපතිවරයා සදහන් කළේ මේ දක්වා චීනය ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යාපෘති 36 ක් ඇතුළුව ප්‍රධාන ව්‍යාපෘති 116 ක් ඉදිකර හෝ ඉදිකෙරෙමින් පවතින අතර ශ්‍රී ලාංකික වෘත්තිකයන් 8,000 කට ආසන්න පිරිසකට පුහුණු වැඩසටහන් ලබා දී ඇති බවද සදහන් කළා.

COVID-19 වසංගතය පැතිර ගිය දා සිට, චීන රජය විවිධ අවස්ථා වලදී ශ්‍රී ලංකාවට ඉතා ඉක්මණින් අවශ්‍ය උපකාර ලබා දී ඇති අතර, මිලියන ගණනක පුද්ගලික ආරක්ෂක උපකරණ, මෑතකදී සිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.1 ක් පරිත්‍යාග කල බවද තානාපතිවරය මතක් කර සිටියා.

චීනයෙන් එන්නත් ලබා ගැනීම සහ දේශීයව එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට වීනය විශාල වශයෙන් ආධාර කරමින් සිටීන බවත් දෙරටේ ඒකාබද්ධ ප්‍රයත්නයත් සමඟ කොරොනා වෛරසය පරාජය කර නුදුරු කාලයේදීම අවසන් ජයග්‍රහණය ලබනු ඇති බව තමන් විශ්වාසය කරන බවද ශ්‍රී ලංකාවේ චීන තානිපති Qi Zhenhong මහතා කියා සිටියා.

වසංගතයට එරෙහි මෙම ඒකාබද්ධ සටනේදී චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් නව තලයකට ඔසවා තබනු ඇති අතර, චීන හා ශ්‍රී ලාංකික ජනතාවට වඩාත් නියත ප්‍රතිලාභ ලබා දෙනු ඇති බව තමන් විශ්වාසය කරන බවද ඔහු අවධාරණය කළා.