Last Updated on May 22, 2021 by Desman Chathuranga
නව නීතිපතිවරයා වශයෙන් පත්ව සිටින ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා ලබන සතියේදී එම ධූරයේ වැඩ බාර ගැනීමට නියමිත බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි .ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයිද අධිකරණ ඇමැතිවරයා සදහන් කළා.
2019 වර්ෂයේ මැයි 10 වැනිදා තනතුරට පත් නීතිපති දප්පුල ද ලිවේරා මහතා ලබන 24 වැනිදා එම ධූරයෙන් විශ්‍රාම යෑමට නියමිතයි.
වසර දෙකක පමණ කාලයක් නීතිපති ධූරයේ කටයුතු කළ දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩුවන එම තනතුර සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා යෝජනා කර තිබිණ .ඒ අනුව එම යෝජනාව පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු සභාව ඒකමතිකව අනුමත කළේය .
More Stories
ඔනෑම මැතිවරණයකදි මාලිමාව 50% පන්නනවා!
Do Not go down the path to Suppression of Media freedoms!
රනිල්ගේ මෝඩභීමානී විශේෂ ප්‍රකාශ සහ පාර්ලිමේන්තු යන මහා හොරු!