Last Updated on May 8, 2021 by Desman Chathuranga
නව නීතිපතිවරයා ලෙස පත්කිරීමට සොලිස්ටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට රජය පියවර ගෙන තිබේ.
නීතිපති ලෙස කටයුතු කළ දප්පුල ද ලිවේරා මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවයි නව නාමය ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට රජය පියවර ගෙන ඇත්තේ.
කොළඹ ශාන්ත පීටර් විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපණය හදාරා ඇති රාජරත්නම් මහතා ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශිව රාජරත්නම්ගේ පුත්‍රයා වේ. 1988 අප්‍රේල් මාසයේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව ඇති සංජය රාජරත්නම් මහතා ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර ඔහු එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර්වරයෙකු ලෙසද කටයුතු කර තිබේ.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි