counter hit xanga

කතිර සටන ගැන තින්දු ගන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්!

Last Updated on May 5, 2021 by Panduka Herath

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ගරු දිනේෂ් ගුණවර්ධන මහතා නම්කර තිබේ. අද පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේම පත්කිරිම පිලිබද පාර්ලිමේන්තුව හමුවේ සදහන් කළා.

එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස පහත සඳහන් මන්ත්‍රීවරයන් පත් කර තිබේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, මහාචාර්ය, අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා, අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, අමාත්‍ය විමල් වීරවංශ මහතා,අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි මහතා, අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ,පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා.