Last Updated on March 10, 2022 by Desman Chathuranga
ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටි New Fortress Energy විසින් ශ්‍රී ලංකා LNG ව්‍යාපෘතියේ සැලසුම ක්‍රියාත්මක කිරිම ආරම්භ කර තිබේ. New Fortress Energy හේවත් NFE මාර්තු 4 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් හිතකර තීන්දුවකින් පසුව සැලසුම සක්‍රීයව ක්‍රියාත්මක කිරිම ආරම්භ කර තිබේ.
කොළඹ ආසන්නයේ නව වෙරළේ LNG පර්යන්තයක් ඉදිකිරීමට NFE සහ ශ්‍රී ලංකා රජය 2021 සැප්තැම්බර් මාසයේදී එකඟ විය.
NFE විසින් ශ්‍රී ලංකාව තුළ ස්වභාවික වායු බලශක්ති විසඳුම් සංවර්ධනය කිරීම නතර කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද සියලුම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල සුදුසුකම් අධිකරණය විසින් සලකා බලන ලද අතර අනතුරුව, වැඩිදුර විභාගයකින් තොරව පෙත්සම් සම්පූර්ණයෙන් නිෂ්ප්‍රභ කිරීමට අධිකරණය තීරණය කළා.
“The court considered the merits of all the fundamental rights petitions filed seeking to halt NFE’s development of natural gas power solutions in Sri Lanka. Then, the Court fully dismissed the petitions without further hearing.”
නව බලාගාරය කෙරවලපිටිය විදුලිබල සංකීර්ණයට ගෑස් සැපයුම් අයිතිය හිමි වන අතර එය මුලින්ම රජයට දිනකට LNG ගැලුම් මිලියන 1.2ක් ලබා දිමට නියමිතයි. මෙමගින් දැනට ක්‍රියාත්මක වන මෙගාවොට් 310 යුගදනවි සහ අතිරේක මෙගාවොට් 350ක් සෝබදනවි බලාගාරයට සැපයේ. දෙවැන්න 2023 දී මෙහෙයුම් ආරම්භ කරනු ඇත.
මේ අතර 2021 වසරේ සැප්තැම්බරයේ Bloomberg වෙබ් අඩවිය සමග එක්වෙමින් එවකට බලශක්ති අමාත්‍යවරයාව සිටි උදය ගම්මන්පිල සදහන් කළේ “ඇමරිකාව LNG පර්යන්තය හැදුවාම ගෑස් මිල වාර්තාගත ලෙස පහල යන බවයි.”
“Prices for cargoes arriving at the Sri Lankan facility will be the cheapest of either Asian LNG or a US gas hub pricing formula,” Gammanpila was quoted as saying by Bloomberg.
More Stories
මැතිවරණය කල්දැමීමෙන් ආණ්ඩුවේ නෛතිකභාවය තවත් දුර්වල වේ – ජෙහාන් පෙරේරා
13න හකුලන්න ආණ්ඩුවේන් කුමන්ත්‍රණයක්! රට බේරා ගැනිමේ අවසන් අවස්ථාව යලි කරලියට!
බෙදුණු ජාතීන් එක්කිරීමට ජනපතිට කාලයයි මේ – ජෙහාන් පෙරේරා