counter hit xanga
March 26, 2023

තම වයස අමතක දිනේෂ් රජයේ සේවකයින් 60 න් විශ්‍රාම යවයි!

Last Updated on December 6, 2022 by Desman Chathuranga

සියලුම රාජ්‍ය සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60ට සීමා කල ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ (5) නිකුත් කරනු ලැබූවා.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වන්නේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වන අතර ඔහුගේ වර්තමාන වයස අවුරුදු 74 ක් වීම විශේෂත්වයකි.

මෙම ගැසට් නිවේදනය අනුව විශේෂිත අවශ්‍යතා මත සේවාකාලය දීර්ඝ කල යුතු යැයි රජය විසින් තීරණය කරණු ලබන ඉහළ නිළධාරීන් හැර වෛද්‍යවරුන් ඇතුලු සියලුම රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60 සම්පූර්ණ වීමේදී විශාම යායුතු බවට නියම කර තිබේ. මෙම චක්‍රලේඛය 2023 ජනවාරි 01 දින සිට බලපැවැත්වේ.

එහෙත් මෙම ගැසට් නිවේදනයේ ” පනස් පස් හැවිරිදි වයස පිරුණු විට හෝ ඉන් පසුව හෝ ආන්ඩුවේ ඔ්නෑම සේවකයෙකුට ආන්ඩුවේ සේවයෙන් විශ්‍රාම ගැනීමට නියම කරන්නට පුළුවන” යනුවෙන් සඳහන් කර තිබීමෙන් යම් සැක කටයුතු තත්වයක්ද නිර්මාණය වී තිබේ.