Last Updated on June 5, 2021 by Desman Chathuranga
ඕනෑම වසංගත තත්ත්වයක දී පිලිකා රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර ලබා දිය හැකි රුපියල් මිලියන 11ක පමණ වියදමින් වාට්ටුවක් අපේක්ෂා රෝහලේ ඉදිකිරිමට මූල්‍යමය පරිත්‍යාගයන් ලබාදීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (02) ජාතික තරුණ සේවා සභා ප්‍රධාන කාර්යාලයේ සිදුවිය.
පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් හා පිලිකා රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් ලබාදෙන විශේෂ ප්‍රතිකාර හේතුවෙන් ඔවුන් වෙනුවෙන් වෙනම ඒකකයක් කඩිනමින් ඉදිකළ යුතු බව මහරගම අපේක්ෂා රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා විසින් මීට දින කිහිපයකට පෙර ඉල්ලිමක් කර තිබේ.
ඒ අනුව ජීවිත අපේක්ෂාවෙන් අපේක්ෂා රෝහලේ දිවි ගෙවන අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් උපේක්ෂාවේ පහන් දල්වමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් අපේක්ෂා රෝහල තුළ මෙම පිලිකා රෝගින් සදහා වෙන් වූ කොරෝනා වාට්ටුව සෑදිමේ සද්කාර්යය ආරම්භවීමට නියමිතය.
ඉදිකිරීමට නියමිත පිලිකා රෝගින් සදහා වෙන් වු කොරෝනා වාට්ටුව සදහා වන ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 11 කට ආසන්න වන අතර, මෙය තාවකාලික ඉදිකිරීමක් නොවී, රටතුළ ඇතිවන ඕනෑම වසංගත තත්ත්වයක දි පිලිකා රෝගීන් වෙනුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලබා දිය හැකි වන පරිදි අංග සම්පූර්ණ ලෙස නිම කරවීම අපේක්ෂා කෙරේ.
මේ සඳහා රුපියල් මිලියන 10ක මූල්‍යමය දායකත්වය ‘Global wings charity’ සංවිධානය ලබාදෙන අතර මෙම උතුම් සමාජ මෙහෙවර උදෙසා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය,ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය, සහ ස්වෙච්ඡා තරුණ සංවිධාන මගින් ශ්‍රම දායකත්වය ලබාදේ.
කොරෝනා ආසාදනය වූ පිලිකා රෝගීන්ට මෙන්ම රට තුළ ඇතිවන ඕනෑම වසංගත තත්ත්වයක දී පිලිකා රෝගීන් වෙනුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලබා දිය හැකි වන පරිදි අපේක්ෂා රෝහල තුළ ඉඳිවන මෙම අංග සම්පූර්ණ රෝහල් වාට්ටුව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ යටතේ ඉඳිවෙයි.
මෙම අවස්ථාවට තරුණ සේවා සභාපති දමිත වික්‍රමසිංහ, ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂකවරුන් වන බංඩාර කරුණාරත්න, හේමන්ත ශ්‍රි ලාල්, ඉශංක චතුරංග , යෞවන සමාජ ව්‍යාපාරය වෙනුවෙන් එහි ලේකම් දිල්ෂාන් චතුරංග ජයකුරු යන මහත්වරුන් සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ, ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ නිලධාරි මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි විය.

hDxsSKrjm
ain4dpwf
[url=http://cheapdrugs.store/#]viagra without a doctor prescription[/url]
ivermectin lotion ivermectin brand name
https://erectionpills.best/# male ed drugs
https://gabapentin.icu/# neurontin prescription